Divaina - නැතිවී ගිය අධිකරණයේ ගෞරවය, විශ්වාසය යළි ගොඩනැඟිය යුත්තේ අගවිනිසුරුවරයායි අගමැති කළුතරදී කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 2පසුගිය රජයේ දේශපාලනඥයන්ගේ බලපෑම් මත නැතිවී ගිය අධිකරණයේ ගෞරවය සහ විශ්වාසය යළි ගොඩනැඟිය යුත්තේ අගවිනිසුරුවරයා යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

දේශපාලනයට සුදුසු නොවන පුද්ගලයන් දේශපාලනයට ගැනීම නිසා දේශපාලනය තුළ විශාල කැලලක් මතුවී ඇතැයි පැවසූ අගමැතිවරයා රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ හඬ පට මගින් හෙළි වන්නේ පසුගිය වසර පහක කාලය තුළ රටේ කි‍්‍රයාත්මක වී ඇත්තේ කැලෑ නීතිය බව යැයිද කීවේය.

අගමැතිවරයා මේ බැව් පැවසුවේ දකුණු කළුතර ශී‍්‍ර පූර්වාරාම ධර්ම විජය පිරිවෙනේ විහාරවාසී ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමියන් වෙත බෙන්තර විහාර පාර්ශ්වයේ ප‍්‍රධාන සංඝ නායක ධුරය පිරිනැමීම නිමිත්තෙන් පසුගිය 19 දා කළුතර පැවැති උත්සවයේදීය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles