Divaina - රජයේ සංස්ථාවල තනතුරු පත්කිරීමේදී ඥාතීන් දූෂිතයන් පත්කිරීම ගැටලූ සහගතයි - බිමල් රත්නායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

p9 1 2රජයේ සංස්ථා මණ්ඩලවල තනතුරු පත්කිරීමේදී ඥාතීන්, දූෂිතයන්, නුසුදුස්සන් පත් කිරීමත් ඇතැම් ආයතනවලට සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල පත් නොකිරීමත් ඉතා ගැටලූ සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා 16 වැනිදා සඳහන් කළේය.

වැඩ කරන්න කියලා බලයට පැමිණි ජනාධිපතිගේ වැඩ මාස දෙකෙන් රටම දැක ඇතැයිද වත්මන් රජය කටයුතු කරන්නේ පසුගිය යහපාලන රජය කටයුතු කළ ආකාරයටම බවත් හෙතෙම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා 16 වැනිදා එම අදහස් පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

මේ ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරක සමයේ විධිමත්, විද්වත්, සුදුසුකම් ඇති පුද්ගලයන් මෙම තනතුරුවලට පත්කරන බව ජනතාවට පැහැදිලිව ප‍්‍රකාශ කළා. එම සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම්වලදී විශේෂඥ කමිටුවක් මගින් තෝරාගැනීම් සිදුකරන බව ඔවුන් කීවා. පෞද්ගලික අංශයේ දෙදෙනෙකුත් පළමු රාජපක්ෂ පාලනයට සම්බන්ධව සිටි පුද්ගලයන් දෙදෙනෙකුත් වශයෙන් තෝරාගැනීමේ කමිටුව සමන්විතව තිබෙනවා. මෙම රාජ්‍ය අංශයට සම්බන්ධ දෙදෙනා බරපතළ දූෂණ චෝදනා ලැබූවන්. එක් අයෙක් නඩු තිබෙන කෙනෙක්. අනෙක් කෙනා අධිකරණයෙන් වරදකරුකරනු ලැබූවෙක්. එක් අයෙක් ලලිත් වීරතුංග මහතා අනෙක් පුද්ගලයා නාලක ගොඩහේවා මහතායි. තෝරාගැනීමේ කමිටුවම හොරාගෙ අම්මගෙන් පේන අහන මට්ටමකයි තිබෙන්නේ. නමුත් ජනතාව තුළ යම් විශ්වාසයක් තිබුණා, පත්කිරීම් නිවැරදි ලෙස සිදුකරන්නට උත්සාහයක් දරාවිය කියලා.

නමුත් දැන් ජනතාවට පෙනෙන්නට තිබෙන්නේ සම්පූර්ණ වෙනස් තත්ත්වයක්. ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක් පාඩු ලබන, අකාර්යක්ෂම ආයතන වී තිබෙනවා. මීට ප‍්‍රධාන හේතුව තිබෙන්නේ දේශපාලන හිතවත්කම් මත දූෂිත පුද්ගලයන් ඒවාට පත්කිරීමයි. පළමු රාජපක්ෂ පාලනය තුළත් රනිල් මෛත‍්‍රී පාලනය තුළත් ගුවන් සමාගම හා ගුවන් සේවා අධිකාරිය වැනි ආයතනවලට පොදු තත්ත්වයක් වුණා.

වර්තමානයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති වශයෙන් පත්කරනු ලැබ තිබෙන්නේ ධර්මදාස නැමැති පුද්ගලයෙක්. ජනමාධ්‍ය මගින් හෙළිදරව් කර ඇති විදිහට ඔහු සුදුසුකම් ඇති අයෙක් හෝ තේරීම් කමිටුවෙන් තෝරා ගත් අයෙක් නෙමෙයි; ගෝඨාභය මහතාගේ සංචාරවලදී ඔහුට ගුවන් ටිකට්පත් ලබාදුන් පුද්ගලයායි. ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ මහතාත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නැන්දණියත් පක්කරනු ලැබ තිබෙනවා. රාපක්ෂ පවුල පෙරදීත් බූදලයක් ලෙස ගුවන් සමාගම පාවිච්චි කර තිබුණා. දැන් එයම නැවත සිදුවෙමින් තිබෙනවා.

ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත් කරනු ලැබ තිබෙනවා. ඔහු සීඑස්එන් නාලිකාවට අදාළව, ක‍්‍රිකට් පාලක මණ්ඩලයට අදාළව චෝදනා ලැබූ පුද්ගලයෙක්. මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයට උපාලි කොඩිකාර මහතා පත් කොට තිබෙනවා. ඔහුට ඇති සුදුසුකම්

ගැටලූ සහගතයි. දේශපාලන හිතවතුන් නිදසුනක් ලෙස හිටපු අගමැතිවරයාගේ වැඩිමල් සහෝදරයාගේ දුව, ඉෂිනි වික‍්‍රමසිංහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානය ආසියාවේ පැරණිම එකක්. එය කලෙක සත්වෝද්‍යාන මොඩලයක් ලෙස පාවිච්චි වුණා. ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ගෝඨාභය මහතාගේ ඡුන්ද ව්‍යාපාරය කළා. ඇයට මාධ්‍ය සම්බන්ධ දැනුමක් ඇති. නමුත් ඇයට සත්වෝද්‍යානය සම්බන්ධ දැනුම

ගැටලූකාරීයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට ශෂී වෙල්ගම පත් කර තිබෙනවා. මීට කලින් රාජපක්ෂ පාලනය තුළ ඒ ක්ෂේත‍්‍රය තුළම විවිධ දූෂණ හේතුවෙන් අධිකරණමය ක‍්‍රියාවලට ඔහු ලක්වී තිබෙනවා.

දැනට පුවත්පත්වල දැන්වීම් පළකර තිබෙන්නේ, ජනාධිපතිවරයා විසින් ඩුබායි තානාපති ලෙස මල්රාජ් සිල්වා නැමැත්තා පත්කිරීමට නියමිත බවයි. ඔහුට රාජ්‍යතාන්ත‍්‍රික සේවය සම්බන්ධ කිසිදු සුදුසුකමක් නැහැ. මෙය මැදපෙරදිග ප‍්‍රධාන පෙළේ තානාපති කාර්යාලයක්, අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක්. ඒ වෙනුවෙන් පත් කිරීමට යන පුද්ගලයා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ විදේශීය මිලදී ගැනීම් සම්බන්ධ චෝදනාවලට ලක්වී සිටිනවා. ඔහු ලංකාවේ පැවති කිසිදු පරීක්ෂණයකට පැමිණියේ නැහැ. ඔහුට අයත් නිවස ඩොලර් 8000 ක මාසික කුලියකට, එනම් රුපියල් ලක්ෂ 14 කට පමණ, ලොස්ඇන්ජලීස් ශ‍්‍රී ලංකා කොන්සුලර් කාර්යාලය වෙනුවෙන් ලබාගෙන තිබූ නමුත් එය භාවිත කර තිබුණේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතාට නැවතී සිටීම සඳහායි. ඒ පිළිබඳ පරීක්ෂණවලදී නිවසේ හිමිකරු ලෙස ඔහු සාක්ෂි දිය යුතුව තිබුණා. නමුත් ඔහු කිසිදා මෙහි පැමිණියේ නැහැ.

ජනාධිපති ලේකම්වරයාත් අධිකරණවලින් වරදකරු කරන ලද පුද්ගලයෙක්. ඔහුට රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලබා දී තිබුණා. අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාත් දූෂණ චෝදනා මත ඇප මත සිටින පුද්ගලයෙක්. ජනාධිපති කොමිෂන් සභාවල චෝදනාවලට ලක්වූ පුද්ගලයන් ගණනාවක් නැවත තනතුරු සඳහා පත් කරනු ලැබ තිබෙනවා. එසේම ගුවන් තොටුපළ අධිකාරියේ සභාපති ලෙස පත්කරන ලද හිටපු හමුදා නිලධාරියා පළමු රැුස්වීමේදීම තමන්ට ගුවන් සේවා ගැන කිසිදු අදහසක් නැතැයි ප‍්‍රකාශ කර තිබුණා. මෙය එහි සේවකයන්ට ලබාදෙන හැඟීම කුමක්ද?

පසුගිය එ.ජා.ප. ආණ්ඩුව තුළ ප‍්‍රධාන ගැටලූව වූයේ පාලනයක් නොතිබීමයි. රාජ්‍ය ආයතනවල පාලනය බිඳවැටී තිබුණා. අවසන් වසරක පමණ කාලයක් අරාජික බවක් දැඩිව තිබුණා. අලූතින් තීන්දු ගත්තේ නැහැ. මැතිවරණ කාලයේත් තීන්දු තීරණ කිසිවක් ගත්තේ නැහැ. පසුගිය මාස 02 තුළත් බොහෝ ආයතනවල තීරණ ගැනුණේ නැහැ. විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, වරාය අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, දැව සංස්ථාව, ගුවන්විදුලිය, රූපවාහිනිය අධ්‍යක්ෂ මණ්ඩල තවමත් පත්කර නැහැ. ඇතැම් තැන්වල සභාපතිවරු පත්කර තිබුණත් අධ්‍යක්ෂ මණ්ඩල නොමැතිව සභාපතිට තීන්දු තීරණ ගත නොහැකියි. මේ තත්වය තුළ තවමත් රාජ්‍ය ආයතන බොහොමයක් අකර්මණ්‍ය වී තිබෙනවා. ධීවර සංස්ථාව, ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය, ඛනිජවැලි සමාගම වැනි ආයතනවලට සභාපතිවරුන් පවා තවම පත් කර නැහැ. මාර්තු 01 වැනිදායින් පසුව නැවතත් මැතිවරණයක් එනවා. මේ තත්වය තුළ වසරක පමණ කාලයක් මේ ආයතන අකර්මණ්‍ය වී තිබීමට නියමිතයි.

සියලූම සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල ජනවාරි 06 ට පෙර ඉවත් වන ලෙස ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළා. එම හිස්තැන් පිරවීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. පසුගිය මාස 02 තුළම ආණ්ඩුව අකාර්යක්ෂමයි වගේම අසාර්ථකයි. තිබෙන්නේ මාධ්‍යවලින් රට පාලනය කරන තත්වයක්. ප‍්‍රධාන වශයෙන්ම මේ පිළිබඳව අපි රටේ ජනතාවගේ අවධානය යොමු කරනවා.

ඒ වගේම ආණ්ඩුව ජනතාව මුහුණපාන ගැටලූ පිළිබඳව අවධානය යොමු කරන පාර්ලිමේන්තුවේ දින ගණන අවම කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳ විවාදය පවා වරු දෙකකට සීමා කළා. ආණ්ඩුව උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව වසා තබා, තමන්ගේ සාක්කුවට දමා ගත් ජනමාධ්‍ය රොත්තේ වාසිය ගනිමින් රටේ ප‍්‍රශ්න හංඟමින් යෑමටයි.

ඒ වගේම බැඳුම්කර වංචාවට අදාළව අධිකරණමය කටයුතු සඳහා අවශ්‍ය වෝහාරික විගණන වාර්තාව දැන් ලැබී තිබෙනවා. එය 2017 කෝප් කමිටුවේ වගේම ඒ පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශයක්. එය අන්තර්ජාතිකව පිළිගත් විගණන වාර්තාවක්. දැන් මෙය කෝප් කමිටුව වෙත ලැබී තිබෙනවා. පසුගිය රනිල්-මෛත‍්‍රී ආණ්ඩු සමයේදී බැඳුම්කර වංචාවට අදාළ කෝප් කමිටුව උපරිම උත්සාහ කළා. වෝහාරික වාර්තාව පැමිණියේ ඒ බාධා මැඩගනිමින් ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවේ නිර්දේශයක් අනුවයි. ඒ කාලයේ පාර්ලිමේන්තුව දෙවනත් වන්නට කෑ ගසමින් සිටි පුද්ගලයින් අද ආණ්ඩුවේ සිටිනවා. ඒත් ඔවුන් ඒ පරීක්ෂණ ගැන නිහඬයි. එවගේම රාජපක්ෂ පාලනයේ ඇතැමුන් මේ වාර්තාවට පවා විරෝධය පළ කරමින් සිටිනවා. අග‍්‍රාමාත්‍ය උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මේ වාර්තාවට එරෙහිව අදහස් දක්වමින් සිටිනවා. ඔහු එම වාර්තාව කියෙව්වේ කොහොමද? වර්තමාන නීතිපතිවරයා එවකට සොලිසිටර් ජනරාල්වරයා ලෙස බැඳුම්කර කොමිසමේ සාක්ෂි දුන්නා. ඒවා ජනමාධ්‍යවල ප‍්‍රසිද්ධ වුණා. එවකට ඔහු එම සාක්ෂි විමසීම හානියක් ලෙස දැක්කේ නැහැ. අද ඔහු එම වාර්තාව මන්ත‍්‍රීවරුන්ට ලබා නොදෙන ලෙසට කථානායකට ඉල්ලීම් කරනවා. අප සිතන්නේ මේ වාර්තාව යට

ගසන්නට හදන්නේ, බැඳුම්කර හොරුත් ඊට කලින් හොරුත් මේ වාර්තාවෙන් අහුවී ඇති නිසා විය යුතුයි.

අපි කථානායකතුමාට කියනවා වහාම මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. එළඹෙන 21 දින අපි මන්ත‍්‍රීවරුන් 06දෙනාම කථානායක හමුවී මේ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කිරීමට බලපොරොත්තු වෙනවා.

සිරිමන්ත රත්නසේකර 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles