Divaina - සජිත් නායකත්වයට පත්කිරීමට එජාපෙ සියලූ පක්‍ෂ කැමැතියි - අජිත් මාන්නප්පෙරුම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය සඳහා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පත්කිරීමට එම පෙරමුණ නියෝජනය කරන සියලූ පක්‍ෂ කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
 
 විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 
 එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට අදාළ කරුණක් නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
 කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්‍ෂය දෙකට බෙදීමක් සිදුනොවන බවත් එසේ වීමට තමන් ඉඩ නොදෙන බව සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර ඇති බවත් අජිත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles