Divaina - මන්ත‍්‍රී කණ්ඩායමේ මතයට පමණක් එජාප නායකත්වය වෙනස් කරන්න බැහැ - බළපිටිය එජාප සංවිධායක අශෝක ධනවංශ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ මතයට පමණක් වෙනස් කළ නොහැකි බවත් ඊට පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේද අදහස් විමසිය යුතු බවත් දකුණු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක මෙන්ම බළපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක අශෝක ධනවංශ මහතා ඊයේ (19 දා) පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කළ 1946 වසරේ සිට නායකත්වයට ගැටලූ මතුවුවත් ඒ සෑම අවස්ථාවකම පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව ප‍්‍රශ්න විසඳාගත් බව සියලූ දෙනාම අවබෝධ කරගත යුතු බවත් ඊයේ (19 දා) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකයා විය යුතු බව බහුතර මතය වුවත් එය ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් එක්ව සාකච්ඡුා කර එය විසඳා ගත යුතු බවත් ධනවංශ මහතා කීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය වෙනුවෙන්ද, කරු ජයසූරිය මහතා සිංහල බෞද්ධ ජන පදනම වෙනුවෙන්ද සජිත් පේ‍්‍රමදාස මහතා බිම් මට්ටමේ ජනතාව වෙනුවෙන්ද පෙනී සිටින නිසා මේ තිදෙනාම එක්ව තීරණයක් ගතයුතු බව පාක්‍ෂිකයන්ගේ මතය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles