Divaina - මාසයක් ඇතුළත ශ‍්‍රී පාද පුදබිමෙන් ප්ලාස්ටික් ජල බෝතල් ලක්‍ෂයක් රැස් කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

p1 52019-2020 ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් එක්රැුස් කර ඇතැයි මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපති බී. ඩබ්ලිව්. හේමන්ත මහතා පවසයි.

මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ මෙවර ශ‍්‍රී පාද වන්දනා සමයේ වන්දනාකරුවන් පොලිතින් උර භාවිතයෙන් වැළකී සිටින බවත්, ශ‍්‍රී පාද වන්දනාවේ රැුගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් ආපසු නල්ලතන්නිය දක්වා රැුගෙන එන අතර, ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට නොදමා ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීම සඳහා නල්ලතන්නියේ සිට ශ‍්‍රී පාද උඩමළුව දක්වා වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයේ සවි කර ඇති කසළ බඳුන්වලට බැහැර කර ඇති බවත්ය.

ශ‍්‍රී පාද වන්දනාකරුවන් එසේ බැහැර කර තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් ප‍්‍රමාණයට වඩා නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල්වලින් සහ ආපන ශාලාවලින් ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නිය නගරයේ කසළ බඳුන්වලට බැහැර කර තිබූ බවද හේමන්ත පැවසීය.

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශී‍්‍ර පාද වන්දනා සමයේදී එක්රැුස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප‍්‍රතිචක‍්‍රිකරණය කිරීම සඳහා පෞද්ගලික ආයතන වෙත ලබා දෙන බවත්, නල්ලතන්නිය නගරයට සහ ශ‍්‍රී පාද මාර්ගයේ පිරිසිදු පානීය ජල යෝජනා ක‍්‍රමයක් ස්ථාපනය කරන්නේ නම් ශ‍්‍රී පාද පුද බිමේ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කළ හැකි බවත් හේමන්ත මහතා පවසයි.

ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගෙන් මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව ඉල්ලා සිටින්නේ ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණෙන්නේ නම් පොලිතින් සහ වතුර බෝතල් රැුගෙන එමෙන් වළකින ලෙසයි.

ශ‍්‍රී පාද පුදබිම ආශ‍්‍රිතව සහ ශ‍්‍රීපාද රක්ෂිතය අවට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ශී‍්‍ර පාද උඩමළුවේ සිට මවුස්සාකැලේ ජලාශයට ජලය ගලා බසිනා සීත ගඟුලේ ජල මට්ටම පහළ ගොස් ඇත.

නුවරඑළිය - නාලක රත්නායක

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles