Divaina - යාඥා මෙහෙයේදී රෝගය උත්සන්න වී රෝහලට ගෙන යද්දී එක්දරු මව මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි තරුණ විවාහක කාන්තාවක් තම නිවස තුළ යාඥා මෙහෙයකට සහභාගි වෙමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වී හි`ගුරක්ගොඩ දිසා රෝහලට ඇතුළත් කරන අතරතුර පෙරේදා (18 දා) සවස 6.00 ට පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව හි`ගුරක්ගොඩ පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හි`ගුරක්ගොඩ, ගම්පොලවත්ත පදිංචිව සිටි රණසිංහ ආරච්චිලාගේ සුරේෂිකා දිල්රුක්‍ෂි (22) නමැති එක්දරු මවකි.

මියගිය කාන්තාව දින කීපයකට පෙර කිසියම් රෝගී තත්ත්වයක් නිසා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබා ඇත. එහිදී වෛiවරුන් පවසා ඇත්තේ ඇයට රෝගී තත්ත්වයක් නැති බවත් ලේ පරීක්‍ෂාවකින් පසු නැවත රෝහලට පැමිණෙන ලෙසත්ය. ඒ අතරතුර ඇය පෞද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකින්ද වරින් වර බෙහෙත් රැුගෙන ඇති බවට අනාවරණය වී තිබේ. සිද්ධිය වූ දිනයේද ඇය රෝගී තත්ත්වයෙන් සිට ඇති අතර එම කාලය තුළ එක්තරා ආගමික නිකායක කාන්තාවන් දෙදෙනකු හා පාස්ටර්වරයකු ඇතුළු සිව් දෙනකු මැයට යාඥාකොට ඇති බවත් පැවසේ. එම යාඥා මෙහෙය පවත්වමින් සිටියදී කාන්තාවගේ රෝගී තත්ත්වය උත්සන්න වී 1990 ගිලන් රථ සේවාව මගින් ඇය හි`ගුරක්ගොඩ රෝහලට රැුගෙන යන අතරතුර මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙහිදී අවට ප‍්‍රදේශවාසීන් යාඥා පැවැත්වූ පුද්ගලයන්ට විරෝධය පළකර ඇතත් එය වැඩිදුර නොයවා සමථයකට පත්කළ බව හි`ගුරක්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මහින්ද වෛiතිලක මහතා සඳහන් කළේය. අදාළ යාඥා කණ්ඩායමෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඔවුන් ආරක්‍ෂිතව තමන් පදිංචි එඬේරමුල්ල ප‍්‍රදේශයට පිටත් කළ බවද මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

අප මේ පිළිබඳව මියගිය කාන්තාවගේ සොහොයුරා ඇතුළු ඥාතීන් කීප දෙනකුගෙන් තොරතුරු විමසූ විට ඔවුන් ප‍්‍රකාශ කළේ යාඥා මෙහෙය හා තම නැගණිය මියයෑම අතර කිසිම සම්බන්ධයක් නොමැති බවයි. තමන් කැමැති ආශිර්වාදයක් ලබා ගැනීම තමන්ට ඇති අයිතියක් බවද ඔවුහු පැවසූහ.

කවුඩුල්ල හදිසි මරණ පරීක්‍ෂක එස්. ඒ. ගුණසේන මහතා විසින් මෙහි හදිසි මරණ පරීක්‍ෂණය සිදුකරන ලද අතර එහිදී මෙම මරණය සිදුවූ ආකාරය හා පැවැත්වූ බව කියන යාඥා මෙහෙය ගැන කරුණු අනාවරණය නොවූ බව හදිසි මරණ පරීක්‍ෂකවරයා සඳහන් කළේය. මෙම කාන්තාව හෙළි නොවූ රෝගයකට වරින් වර ප‍්‍රතිකාර ලබාගෙන ඇති බවට එකී මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බවත් මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවිය හැකි බවත් ඒ මහතා කීය.

සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (19 දා) දහවල් පොළොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

හි`ගුරක්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මහින්ද වෛiතිලක මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

අතුල සූරියබණ්ඩාර - හි`ගුරක්ගොඩ, සුසිල් කරුණාතිලක - මින්නේරිය

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles