Divaina - සෙල්ලකතරගමදී බීමතින් - ගම්වැසියන්ට පහරදුන් පාදුක්කේ 34ක් රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

p1 4සෙල්ලකතරගම ප‍්‍රදේශයේදී අශෝභන ලෙස මැණික් ගෙඟ් දිය නෑ තරුණයන් පිරිසක් විසින් පෙරේදා (18දා) සවස ගම්වාසීන් පිරිසකට පහර දීම නිසා තුවාල ලැබූ ප‍්‍රදේශවාසීන් 6 දෙනකු රෝහල්ගත කර ඇත.

කතරගම පොලිසිය සඳහන් කරන පරිදි සිද්ධිය මෙසේය.

පාදුක්ක ප‍්‍රදේශයේ සිට පැමිණි මෙම පිරිස සෙල්ලකතරගම මැණික් ගෙඟ් අශෝභන ලෙස නිරුවතින් දිය නා ඇති අතර එම ස්ථානයේ නාමින් සිටි සෙල්ලකතරගම ප‍්‍රදේශයේ කාන්තාවක්් ගැහැනු දරුවන් පවා මෙහි දිය නාන බැවින් මෙලෙස ආශෝභනව හැසිරීමෙන් වළකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇත. එහිදී ඇති වූ බහින්බස් වීමකින් පසු මෙම ආරවුල ඇති වී තිබේ.

එහිදී මෙම ආරවුල බේරීමට පැමිණි ප‍්‍රදේශයේ තරුණයන් පිරිසකටද මෙම බීමත් පුද්ගලයන් විසින් පහර දී ඇත. පසුව කතරගම පොලිසිය පැමිණ බීමතින් සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිස්සමහරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තුවාල ලැබූ කාන්තාවක හා පිරිමින් 5 දෙනකු කතරගම දිසා රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර සෙල්ලකතරගම ප‍්‍රදේශවාසීන් පිරිසකට පහරදුන් පාදුක්ක ප‍්‍රදේශයේ පුද්ගලයන් 34 දෙනා ඊයේ (19 දා) කතරගම පොලිසිය විසින් තිස්සමහාරාම වැඩබලන මහෙස්ත‍්‍රාත් කි‍්‍රෂාන්ත අබේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පිරිස ලබන 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කරන ලදී.

පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයන් කතරගම රෝහලෙන් හම්බන්තොට මූලික රෝහල වෙත යවා ඇත.

කතරගම - කේ. ඞී. දේවපි‍්‍රය
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles