Divaina - සැකකරුවකු සමග පොර බැදීමේදී - පොලිසියේ ගිනි අවිය පත්තුවී හිමිනමක් අපවත් වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

crimහුංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට එම සැකකරු සමග පොර බදන අවස්ථාවේ එම පොලිස් නිලධාරියකු ළඟ තිබූ රිවෝල්වරයක් පත්තුවී වෙඩි වැදීමෙන් වාහනයක සිටි හිමිනමක අපවත්වී ඇත. ඊයේ දහවල් 11.20 ට පමණ අම්බලන්තොට හුංගම පාරේ හතාගලදී මෙම සිද්ධිය සිදුවී තිබේ.

සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්වූයේ හතාගල සීලරතන නමැති 21 හැවිරිදි හිමිනමකි. සිද්ධිය වන අවස්ථාවේ මෙම හිමිනම ඇතුළු තවත් හිමිවරුන් පිරිසක් දානයකට සහභාගි වී ආපසු හතාගල විහාරයට වැඩම කරමින් සිට ඇත.

විශාල පිරිසක් බලා සිටියදී මෙම සැකකරු සහ පොලිසිය පොරබැදීම කැබ් රියේ ගමන් ගත් හිමිවරුන්ද දැක ඇත. පසුව මෙම කැබ් රිය පිටත්ව ගොස් ඇති අතර මඳ දුරක් යද්දී හිමිනම වැටී ඇත. උන්වහන්සේට වෙඩි වැදී ඇති බව වාහනයේ සිටි සෙසු අය දැනගෙන ඇත්තේ ඉන්පසුව බව පොලිසිය පවසයි.

හිමිනම රෝහලට රැුගෙන ගියද උන්වහන්සේගේ ජීවිතය බේරා ගැනීමට නොහැකිවූ බව හුංගම පොලිසිය කියයි.

මෙම සිද්ධිය පිළිබඳව හුංගම පොලිසියේ නිලධාරියකු කීවේ සැකකරු යතුරුපැදියකින් පලා යද්දී පොලිස් නිලධාරීන් යතුරුපැදිවලින් ගොස් සැකකරු අල්ලා ගත් බවය. සැකකරු පොලිස් භාරයෙන්ද පලා යාමට තැත් කළ නිසා පොර බැදීමක් සිදුවී තිබේ.

මේ අවස්ථාවේ මාර්ගයේ විශාල පිරිසක් සිටි බවද දානයකට වැඩිය හිමිවරුන් පිරිසක් ගමන් ගත් කැබ් රියේ සිට මෙම සිද්ධිය බලා සිටි බවද හෙතෙම කීවේය.

පොලිසිය මෙසේ පොරබදා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. වෙඩි වැදුණු හිමිනම අඟුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත්වී ඇත.

මෙම සිද්ධිය පිළිබඳව හුංගම පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

නෝමන් පළිහවඩන

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles