Divaina - දැන්ම රනිල් යන්නේ නෑලු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

අකිත පෙරේරා

harsad2022- 2023 යන වසර වන විට එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස්‌ කළ හැකි බවද තමන් 2025 වසරේදී මැතිවරණයකට ඉදිරිපත් වීමේ සූදානමක්‌ නැතැයිද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (16 දා) පැවැති මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී ප්‍රකාශ කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එම නිසා දැන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තමන්ට අදහසක්‌ නැති බවත් අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගේ සහාය ද ලබා ගනිමින් තමන් පක්‍ෂය තවදුරටත් මෙහෙයවන බවත් එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යෑයි හර්ෂ ද සිල්වා මහතා විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවේදී කීය.

පක්‍ෂ නායකත්වයේ වෙනසක්‌ අවශ්‍ය නැතැයි මහානායක හිමිවරුන් ද, භික්‍ෂූන්වහන්සේලා ඇතුළු විවිධ පිරිස්‌ තමන්ට ප්‍රකාශ කර ඇති බැවින් වෙනසකින් තොරව "මෙහෙම්මම යමු" කියා ද ඉතා දැඩි ලෙස එජාප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවද සිල්වා මහතා සඳහන් කළේය.

පක්‍ෂ නායකත්වය වෙනස්‌ කරනවා වෙනුවට ආසන මට්‌ටමින් දැනට පවතින ඡන්ද ප්‍රතිශතය වැඩි කිරීමට කටයුතු කරන ලෙසත් සමගි සම්පන්නව ඉදිරි කටයුතු සිදු කරමු යෑයිද එහිදී වික්‍රමසිංහ මහතා එජාප නායකත්ව වෙනස සම්බන්ධයෙන් දැඩි ස්‌ථාවරයක සිටිමින් ප්‍රකාශ කළ බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles