Divaina - රාජිතට නොතිසි යවනවා ද නැද්ද - තීන්දුව 21 වැනිදා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

ඒ. ඡේ. ඒ. අබේනායක

raaa500සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අභියෝගයට ලක්‌ කරමින් නීතිපතිවරයා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් නියෝගය ලබන 21 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (17 දා) තීරණය කළේය.


එකී ප්‍රතිශෝධන අයෑදුම්පත ඊයේ (17 දා) කැඳවූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා කරුණු දක්‌වමින් උගත් මහෙස්‌ත්‍රාත්වරිය විසින් පසුගිය 30 වැනිදා එකී ඇප නියෝගය නිකුත් කොට ඇත්තේ සැකකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමක්‌ සිදුකර නොමැතිව තිබියදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද දැඩි විරෝධතා නොසලකා බව අධිකරණයට කීවේය. සැකකරුගේ රෝගී තත්ත්වය තහවරු කර ගැනීම සඳහා අධිකරණය වෛද්‍ය නිලධාරිවරයා මගින් වෛද්‍ය වාර්තාවක්‌ කැඳවන ලෙසට පැමිණිල්ල කළ ඉල්ලීම් පවා ප්‍රතික්‌ෂේප කරමින් නිකුත් කළ එකී ඇප නියෝගය දේශපාලනඥයන් ඇතුළු බලවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එක්‌ දිනක්‌ හෝ අධිකරණය හමුවේ පෙනී නොසිට ව්‍යාජ රෝග තත්ත්වයක්‌ මවා පා රෝහල්ගත වී සිටියදීම ඇප ලබාගත හැකිය යන නරක පූර්වාදර්ශය සමාජගත කිරීමක්‌ බව අධිකරණයට කීවේය.

අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන විට පැය 48 කට අධික කාලයක්‌ සැඟවී පලා ගොස්‌ සිට වෙස්‌වලාගෙන රෝහලට පැමිණ රෝහල්ගත වූ එකී සැකකරුගේ සැබෑ රෝගී තත්ත්වය කුමක්‌දැයි දැනගැනීමට පැමිණිල්ලට පමණක්‌ නොව අධිකරණයට මේ දක්‌වා හැකියාවක්‌ ලැබී නොමැති බව ද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කුමන්ත්‍රණකාරී ලෙස සැකකරුවන්ට නීතියෙන් ගැලවී ආරක්‌ෂා වී සිටීමට එකී පෞද්ගලික රෝහලට ඉඩදීම නීතියේ ආධිපත්‍යයට කළ බලපෑමක්‌ වන්නේ යෑයි ද කීවේය. එකී සැකකරුගේ රෝග තත්ත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් වාර්තාවක්‌ කැඳවීමට අවසර ලබාදෙන ලෙසට බන්ධනාගාර රෝහලේ සේවය කරනා රජයේ වෛද්‍යවරුන් කළ ඉල්ලීම පවා නොසලකා හැරීමෙන් රටේ පවත්නා නීතියට ඉහළින් තමන් සිටිනා බව පෞද්ගලික රෝහල් බලධාරීන්ගේ මතය තහවුරු වී අධිකරණය හෑල්ලුවට ලක්‌ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

විමර්ශන නිලධාරීන් සහ තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශනයක්‌ සඳහා යම් සහායක්‌ අධිකරණයෙන් ඉල්ලා සිටිනුයේ පෞද්ගලික අවශ්‍යතාවක්‌ සඳහා නොව රජය වෙනුවෙන් බවද පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එවැනි සාධාරණ ඉල්ලීමක්‌ සලකා බලා විමර්ශන සඳහා අවශ්‍ය සහාය ලබාදීම ගරු අධිකරණයේ යුතුකම වන්නේ යෑයි ද කීවේය.

උගත් මහෙස්‌ත්‍රාත්වරිය එකී ඇප නියෝගය ලබාදී ඇත්තේ එකී චෝදනා මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය හැකි චෝදනා වන බැවින් වන්නේ යෑයි එහිදී සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කීවේය. එබැවින් නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි සිය සේවාදායකයාට නොතිසි නිකුත් කර ප්‍රතිශෝධන අයෑදුම්පත සලකා බැලීමේ අවශ්‍යතාවක්‌ නොමැති බව ද අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා නොතිසි නිකුත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරනා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්‌ථාවේදී අධිකරණය සලකා බැලිය යුත්තේ උගත් මහෙස්‌ත්‍රාත්වරියගේ නියෝගයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කීවේය.

උගත් මහෙස්‌ත්‍රාත්වරිය එකී ඇප නියෝගය නිකුත් කොට ඇත්තේ ඇප පනතේ 14 වගන්තිය සලකා බැලීමෙන් ද යන කරුණු පමණක්‌ සලකා බලනා ලෙස ඉල්ලා සිටින්නේ දැයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එහිදී ජනාධිපති නීතිඥවරයාගෙන් විමසා සිටියේය.

ඡායාරූපය - සුජාතා ජයරත්න
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles