Divaina - ආණ්‌ඩුවට එරෙහිව එජාපයට සටන් පාඨ නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 
 නෝමන් පලිහවඩන
 
 ඉදිරි මහ මැතිවරණයේ වේදිකාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්‌ඩුවට එරෙහිව විපක්‍ෂයට ජනතාවට ප්‍රකාශ කිරීමට මාතෘකා නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා zදිවයිනZට ප්‍රකාශ කළේය. විපක්‍ෂයේ සමහරුන්ගේ කෙරුවාවන් කෙසේ දැයි කියා ජනතාව දැන් හොඳින් දන්නා බවද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය. මෙවර මහ මැතිවරණයේදී විපක්‍ෂයට තිබෙන ආසන ටිකත් නැතිවී යන තත්ත්වයක්‌ අද උදාවී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
 
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය වී තිබෙන බව සඳහන් කළ අගමැතිවරයා රටේ පැරණි දේශපාලන පක්‍ෂ අද කෙමෙන් දියවී යන තත්ත්වයකට පත්වී තිබෙන බවද සඳහන් කළේය.
 
 නිකරුණේ මිනිසකුට අපහාසයක්‌ සිදුකළ හොත් වැඩි කලක්‌ යැමට කලින් කර්ම විපාක පල දෙන යුගයක්‌ බවට අද පෙනෙන්නට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles