Divaina - ඇවන්ගාඩ් නඩුවේ 5දෙනෙක්‌ නිදහස්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


ඒ. ඡේ. ඒ. අබේනායක
 
 නීත්‍යානුකූල බලපත්‍රයක්‌ නොමැතිව නීති විරෝධී අන්දමින් ස්‌වයංක්‍රීය ගිනි අවි හා ජීව උණ්‌ඩ සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවේ (ඇවන්ගාඩ් නඩුවේ) විත්තිකරුවන් පස්‌දෙනකු චෝදනාවලින් නිදහස්‌ කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (17 දා) පස්‌වරුවේ නියෝග කළහ.
 
 විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්‌ඩා අධිකාරි එගොඩවෙල, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න යන විත්තිකරුවන් තිදෙනා හා එම නඩුවේ පළමු හා දෙවන විත්තිකරුවන් ලෙස නම් කොට තිබූ රක්‌නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගම එලෙස සියලුම අධිචෝදනාවලින් නිදහස්‌ කරනු ලැබූහ. නීතිපතිවරයා විසින් ගොනුකර අධිචෝදනා 7573 කින් යුත් අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික නෛතික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින් ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඬුල්ල එම තීන්දුව නිකුත් කළහ.
 
 එකී අධිචෝදනා පත්‍රයට ඇතුළත් අධිචෝදනා 7573 අතරින් තවදුරටත් පවත්වාගෙන යැමේ නීතිමය හැකියාව ඇත්තේ අධිචෝදනා 19 ක්‌ පමණක්‌ බව එකී තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල සෙසු අධිචෝදනා 19 සම්බන්ධයෙන් සාක්‍ෂි විභාගය ලබන පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට ද තීරණය කළහ.
 
 නිදහස්‌ කරනු ලැබූ එකී විත්තිකරුවන් පස්‌දෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර නීති විරෝධී අන්දමින් ජීව උණ්‌ඩ හා ගිනි අවි ප්‍රවාහනය කිරීමට සන්තකයේ තබා ගැනීමට ආධාර අනුබලදීම හා බොරු සාක්‍ෂි දීම ඇතුළු අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යැමේ නෛතික හැකියාවක්‌ නොමැති බවද විනිසුරු මඬුල්ල එහිදී තීරණය කළහ.
 
 විශ්වජිත් නන්දන දියබලනගේ දොන් ඇල්බට්‌ තිලකරත්න, එම නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ යුක්‌රේන් ජාතික ගෙනඩි ග්‍රැව්රිලෝව්, මේජර් නිශ්ශංක සේනාධිපති, වික්‌ටර් සමරවීර, නිලුපුල් ද කොස්‌තා, පොන්නතුරෙයි බාලසුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍රන් හා සමන් දිසානායක යන විත්තිකරුවන් අටදෙනාට එරෙහිව ඉතිරි වී ඇති අධිචෝදනා 19 යටතේ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යෑයි සලකා බලන ලෙස ද විනිසුරු මඬුල්ල එහිදී නීතිපතිවරයාට දැනුම් දුන්හ.
 
 ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගමට අයත් එම්. වී. ඇවන්ගාඩ් නමැති නෞකාවේ කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක්‌ හෝ අවසර පත්‍රයක්‌ නොමැතිව නීති විරෝධී අන්දමින් ස්‌වයංක්‍රීය ගිනි අවි 816 ක්‌ හා ජීව උණ්‌ඩ දෙලක්‍ෂ දෙදහස්‌ නවසිය තිස්‌පහක්‌ සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා පසුගිය වසරේ අගෝස්‌තු මස එම නඩුව පවරා තිබිණි. චෝදනාවලින් නිදහස්‌ කරනු ලැබූ සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තු නියෝග ආපසු කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles