Divaina - ජාතික පාසල් 500 ක් දක්වා වැඩි කරනවා ඇමැති ඩලස් අලහප්පෙරුම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

dallausදැනට 373 ක්ව තිබෙන ජාතික පාසල් ප‍්‍රමාණය තවත් දින 90 ක් ඇතුළතදී 500 ක් දක්වා වැඩි කරන බව අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
 
 බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (13 දා* පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අවාධරණය කළේය
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද කීය,
 
 සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව ජාතික පාසල් 1000 ක් දක්වා වැඩිකරන බවට ප‍්‍රතිඥාවක් දී තිබෙනවා. මුළු පාසල් පද්ධතියේ පාසල් 10157 ක් තියෙනවා. මෙයින් ජාතික පාසල් තිබෙන්නේ 373 යි. ජනාධිපතිතුමා හා අගමැතිතුමා මෙය 1000 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
 
 ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 330 න් 124 කට කිසිදු ජාතික පාසලක් නෑ. එය උතුරු නැගෙනහිර පළාත් ගත් විට ඉතා භයානක තත්ත්වයකයි තියෙන්නේ. කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක තියෙනවා ජාතික පාසල් 37 ක්. පාදුක්ක, රත්මලාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එකම ජාතික පාසලක්වත් නෑ. මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් 16 න් 5 කට එකම ජාතික පාසලක් නෑ.
 
 ජනාධිපතිවරයා හා අගමැතිවරයා මට උපදෙස් දී තියෙන්නේ කිසිදු ජාතික පාසලක් නොමැති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 තුළ ජාතික පාසල් 125 ක් ඇතිකරන්න කියලා. ඒ අනුව අද සිට දින 90 ක් ඇතුළතදී මේ රටේ දැනට තිබෙන ජාතික පාසල් 373, 500 දක්වා වැඩිකරනවා. එළඹෙන වසර දෙක තුළ එය දහසක් දක්වා වැඩිකෙරෙනවා.
 
 මේ තුළින් ජාතික පාසල්වලට තිබෙන අසීමිත තරගය පාලනය කිරීමට මෙය පිටිවහලක් වෙයි. අධ්‍යාපන ඇමැතිවරයා නියෝජනය කරන ප‍්‍රදේශයේ අතිබහුතර ප‍්‍රමාණයක් ජාතික පාසල් ඇතිවෙනවා. එය ජාතික පාසල් ඇතිකරන මිනුම් දණ්ඩ නොවිය යුතුයි. මේ අවිiාත්මක පදනම අපි අවසන් කරනවා.
 
 එක වසරේ සිට පහ වසර දක්වා ප‍්‍රාථමික පන්තිවලට සිසුන් ඇතුළත්කර ගැනීම 40 දක්වා වැඩිකරන්නේ ගුරු සහායකයන් පත්කරන්නේ නම් පමණයි.
 
 රැකියා විරහිත උපාධිධාරීන් සියලූ දෙනාට  රැකියා ලබාදීමේදී ඔවුන්ට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙනවා. උපාධිය වර්ගය පදනම් කරගෙන  රැකියාවට අනුව මේ විශේෂ පුහුණුව ලබාදෙනවා. සාමාන්‍ය පෙළ අසමත් ලක්‍ෂයකට රැකියා දෙනවා. ඒ අයටත් මාස හයක පුහුණුවක් ලබාදෙනවා. මේ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීම පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගනු ලැබුවා.
 
 පසුගිය අවුරුදු 4 තුළ මේ රටේ ජාතික පාසල් 373 න් පාසල් 274 ක විදුහල්පතිවරු නැහැ. වැඩබලන විදුහල්පතිවරු ඉන්නේ. ඒ විදුහල්පති පුරප්පාඩු පිරවීමට මේ වනවිට සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අනුව ලබන මස අවසන් වනවිට සියලූ විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු ක‍්‍රමවේදයකට අනුව පුරවනවා. දේශපාලන ක‍්‍රමවේදයකට නොවෙයි.
 
 මේ රටේ පාසල් පද්ධතියේ ගුරුවරු 240,000 ක් පමණ සිටිනවා. මින් 60,000 ක් ප‍්‍රාථමික ගුරුවරුන්. මේ 60,000 න් 15,000 ක් නුපුහුණු ගුරුවරු. උතුරේ ප‍්‍රාථමික ගුරුවරුන්ගෙන් සියයට 55 ක් නුපුහුණු ගුරුවරු. මෙය කෙතරම් ඛේදජනකද?
 
 බලය බෙදීමක් ගැන කතා කරන කිසි කෙනෙක් මේ ගැන කතා කරන්නේ නෑ. මේකට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍යද? මේවා දේශපාලන සටන් පාඨයි.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලනයට අදට හරියටම දින 55 ක් ගතවෙලා. මේ කාලසීමා තුළදී ඉතාමත්ම ගෞරවණීය, විශ්වාසවන්තනීය ලෙස අනාගතවාදී ලෙස මේ රටේ පුරවැසියන්ට මේ රටට ආරක්‍ෂාවේ සහතිකය ලබාදී තිබෙනවා.
 
 ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුව ශ‍්‍රී ලාංකීය දේශයට අලූත් දිශානතියක් පෙන්නුම් කර තිබෙනවා. අපි ආණ්ඩුවේ සාමාජිකයන් ලෙස සිටින්නේ ඉතා ප‍්‍රසන්න හැඟීමකින් හා ආඩම්බරයකින්.
 
 වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය බැලීමේදී ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන්නේ මන්ත‍්‍රීවරු 89 දෙනයි. මන්ත‍්‍රීවරු 136 දෙනෙක් සිටින්නේ විරුද්ධ පක්‍ෂය නියෝජනය කරමින්. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අඩංගු කාරණා වේගයෙන් ක‍්‍රියාත්මක කිරීමට යම් යම් බාධාවන් තිබෙනවා. විශේෂයෙන් මූල්‍ය පනතක් අතුරු ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම පිළිබඳ ප‍්‍රශ්න තිබෙනවා.
 
 ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය ඇමැති
 
 සුසිල් පේ‍්‍රමජයන්ත මහතා,
 
 අද සහ හෙට දින ඉතා වැදගත්. අද රාත‍්‍රියේ චීන විදේශ කටයුතු ඇමැතිවරයා පැමිණෙනවා. පාන්දර වනවිට රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු ඇමැතිවරයා පැමිණෙනවා. ඒ වගේම ඇමෙරිකාවේ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත‍්‍රිකයකුත් මේ අතරතුර පැමිණීමට නියමිතයි. පැය 48 ක් වැනි කාලයක් තුළ ලෝකයේ ප‍්‍රධාන රටවල් තුනක ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත‍්‍රිකයන් ලංකාවට පැමිණෙනවා. එය නව ආණ්ඩුවට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස අපි දකිනවා.
 
 මෙයින් පැහැදිලි වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විදේශ රටවල් සමග ඉතා මිත‍්‍රශීලීව කටයුතු කිරීමට සූදානම් ද කියන කාරණය. පසුගිය ආණ්ඩුව මේ වසරේ පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර්පත් ලබාදීමට කිසිදු දෙයක් කර තිබුණේ නැහැ. නමුත් අප රජය ඉතා කෙටි කාලයකින් ඒ කටයුතු කර අවශ්‍ය වවුචර්පත් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
 
 ජාතික පාසල් 1000 ක් ඇතිකිරීමේ පදනම එවකට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව දැම්මා. එදා විiාගාර 1000 ක්, තාක්‍ෂණ විiාගාර 200 ක් හැදුවා.
 
 රැකියා විරහිත සියලූම උපාධිධාරීන්ට  රැකියා දෙන බව සාමාන්‍ය පෙළ අසමත් ලක්‍ෂයකට රැකියා ලබාදෙන බව මැතිවරණයට පෙර නොකියපු දේවල්. මේ කටයුතු සිදුවන විට තරුණයන් තුළ විශාල පිබිදීමක් ඇතිවෙයි. සෞභාග්‍යයේ දැක්මේ නොතිබුණු දේවල් පවා අද ජනතා හිතවාදීව ආරම්භ කර තිබෙනවා.

 අනුර බාලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles