Divaina - මද්‍රසා පාසල් එදා තහනම් කරනවා කිව්වත් අද අගමැති ඒවා ලියාපදිංචි කිරීමට කි‍්‍රයාකරමින් සිටිනවා - ‘හෙළ බොදු සවිය’ කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

මද්‍රසා පාසල් තහනම් කරන බවට ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා එදා පොරොන්දු ලබාදී තිබුණද වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එම පාසල් ලියාපදිංචි කිරීමට කි‍්‍රයා කරමින් සිටින්නේ රජයේ කවර නිර්ණායකයන් යටතේ දැයි ‘හෙළ බොදු සවිය’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් විමසා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

2019 මැයි 3 වැනිදා වන විට ශී‍්‍ර ලංකාවේ තිබූ මද්‍රසා පාසල් ගණන 1669 කි. එසේම අරාබි බසින් උගන්වන පාසල් 317 ක්ද ලියාපදිංචිව ඇත. මද්‍රසා පාසල් තුළ සිටින ඇතැම් අන්තවාදී ඉස්ලාමීය ගුරුවරුන් ශිෂ්‍ය ප‍්‍රජාව තුළ අන්තවාදී අදහස් ඇති කරන බව සත්‍යයකි. මද්‍රසා පාසල්වල ගුරුවරුන්ට වෙනත් සාමාන්‍ය දැනුමක් නැත. ඔවුහු කුරාණය මෙන්ම ආගමික නීති රීති සියල්ල කට පාඩමින් උගන්වති. ලංකාවේ මෙම මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් නියාමනය කරන්නේ කුමන ආයතනයකින්ද යන්න තවමත් අපැහැදිලි කාරණාවකි.

එසේ තිබියදී වත්මන් ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටින්නේ මෙම මද්‍රසා පාසල් ලියාපදිංචි කරන බවයි. එසේ ලියාපදිංචි කරන්නේ රජයේ කවර නිර්ණායකයක් යටතේද? යම් ආකාරයකින් මෙම ලියාපදිංචිය ඉස්ලාම් කටයුතු දෙපාර්තමේන්තුව යටතේ නම් එමඟින් සිදුවන්නේ ‘නරියාට කුකුළන් භාර දුන්නා වැනි’ කි‍්‍රයාවකි. වත්මන් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ නව රජය ජනවරම ලබා ගත්තේ මෙම පාසල් තහනම් කරන බවට ප‍්‍රතිඥා දෙමිනි. පාස්කු දින ඉස්ලාම් අන්තවාදීන්ගේ ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාම මෙම පාසල්වල ඉගෙනගත් හා ඉගැන්වූ පිරිස්ය. පසුගිය ආණ්ඩුවට වත්මන් ආණ්ඩුවෙන් කරන ලද ප‍්‍රධානම චෝදනාව ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් පෝෂණය කරන බවට චෝදනාවයි. එහෙත් මෙම ආණ්ඩුව විසින් ද සිදුකරන්නේ එම දේම නම් එය, 69 ලක්‍ෂයක් ඡුන්දය දුන් සැමට කරන නින්දාවකි.

මහ මැතිවරණයේදී සුළු ජාතික ඡුන්ද අපේක්‍ෂාවෙන් මෙවැනි කි‍්‍රයා සිදු නොකළ යුත්තකි. මද්‍රසා පාසල්හි අධ්‍යාපන කටයුතු ගැනද පැහැදිලි අවබෝධයක් රටවැසියාට තිබිය යුතුය. රජයේ සාමාන්‍ය පාසල් පද්ධතියේ මෙන් එම ගුරු භවතුන් පිළිබඳ විනිවිද භාවයක් පැවතීම අත්‍යවශ්‍ය කාරණයකි.

මෙම පාසල්වල ඉගෙනුම ලබන දරුවන් තුළ ආගමික උමතුව හැර වෙනත් වෘත්තීය දැනුමක් හෝ ජීවන නිපුණතාවක් වර්ධනය නොවන බව තහවුරු වේ. මෙබඳු තත්ත්වයක ලංකාවේ දැනට නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන මද්‍රසා පාසල් ලියාපදිංචි කිරීම නොව රටටම එකම නීති රාමුවක පවතින අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සකස් විය යුතුය. ඉස්ලාමීය අන්තවාදය පදනම් කර ගත් මෙම පාසල් ක‍්‍රමය අනුගමනය කිරීම නිසා මැදපෙරදිග රටවල් හා සම කිරීමට ලක්වීම වැළැක්විය නොහැකිය.

සුජීව තත්සර

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles