Divaina - ගුවන් මගීන් දෙදෙනකු මියයෑම නිසා ඉන්දුනීසියාවට යමින් සිටි ලයන්එයාර් යානයක් කටුනායකට ගොඩබස්සයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ගුවන් මගීන් 287 දෙනකු රැුගෙන සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ලයන් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යෑම නිසා ඊයේ (13දා) අලූයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.

මෙම ජුවන්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දුනීසියාවේ සුරබාවා නගරය ආසන්නයේ පවතී.

මෙම ගුවන් යානය ලයන් එයාර් ගුවන් සේවයට අයත් ජේ.ටී. 085 දරන ඒ- 330 වර්ගයේ ගුවන් යානයකි.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු සිහිසුන් වූ බවට ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත දන්වා එහි ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානය ඊයේ අලූයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා තිබුණි.

ඉන්පසුව මෙම ගුවන් යානය වෙත ගිය කටුනායක ගුවන් තොටුපළ වෛද්‍යවරුන් මෙම ගුවන් මගීන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් දෙදෙනා මිය ගොස් සිටින බව ප‍්‍රකාශ කර තිබේ.

මෙසේ මියගොස් සිටින ගුවන් මගීහු දෙදෙනාම ඉන්දුනීසියානු ජාතිකයෝ වෙති. ඒ අතරින් එක් අයකු 77 හැවිරිදි කාන්තාවකි. අනෙක් පුද්ගලයා 64 හැවිරිදි පිරිමියෙකි.

පසුව ඔවුන්ගේ මළ සිරුරු ඊයේ උදෑසන 7.40 ට පමණ ගුවන් යානයෙන් ඉවත් කර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ.

මෙම ගුවන් යානයේ ඇතුළත පිරිසිදු කිරීමෙන් පසුව ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගෙන ඊයේ උදෑසන 8.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දුනීසියාවේ ජුවන්ඩා ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් ඇත.

කටුනායක - ටී.කේ.ජී. කපිල

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles