Divaina - බාල වයස් පිරිමි දරුවකු කෙළෙසූ ව්‍යාපාරිකයා වසර 30 ක් හිරේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

578වයස අවුරුදු 16 ට අඩු පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවර කිරීම ඇතුළු අධි චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 50 හැවිරිදි ව්‍යාපාරිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු  බී. ශෂි මහේන්ද්‍රන් මහතා ඊයේ (13 දා) බරපතළ වැඩසහිත වසර 30 ක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව රුපියල් 30,000 දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස 18 ක ලිහිල් සිරදඬුවමක් ද නියම කළේය. අතවරයට පත් පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකාර පිරිමි දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ද එහිදී නියම කළ විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් අමතර වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද නියම කළේය.

කිරුළපන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන තල්අරඹ විතානගේ දොන් නිමල් හෙවත් උක්කුන් මාමා නමැති එම විත්තිකරු 2013.11.21 වැනිදා සිට 2014.11.22 කාලය අතරතුරදී විවිධ තෑගි භෝග දී එම දරුවා වසරකට ආසන්න කාලයක් එලෙස වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇතැයි පැමිණිල්ලෙන් කියැවිණි.

ළමා පරපුරට එරෙහිව සිදුකරන එවැනි බරපතළ ලිංගික අපයෝජන මේ වනවිට සමාජය තුළ දිනෙන් දින උග‍්‍ර වෙමින් පවතින බැවින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ පි‍්‍රයානි අබේගුණවර්ධන මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

කිරුළපන පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් (77413) ඒ. එල්. පී. මධුශංක මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles