Divaina - පාඨලීට සරල වුණාට: - පුතාව ගොඩගන්න අපේ සේසතම වියදම් වුණා- සන්දීප්ගේ පියා කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

හිටපු ඇමැති පාඨලී චම්පික මහතාගේ ජීප් රියේ  ගැටීමෙන් තම පුත‍්‍රයා වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔත්පලව පසුවන බවද පාඨලී රණවක මහතා එක් දිනකවත් තමාගේ දරුවාගේ දුක සැප විමසුවේ නැති බවත් මෙම අනතුරෙන් අද ඉතා අසරණ තත්ත්වයක පසුවන හෝමාගම සන්දීප් සම්පත් තරුණයාගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා හැඬූ කඳුළින් කියා සිටියේය.

පාඨලී චම්පික මහතා මෙම අනතුර පිළිබඳ මාධ්‍යයට කර තිබූ ප‍්‍රකාශ අනුව එය ඔහුට සරල අනතුරක් වූ නමුත් තම පවුලට එය සරල නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

දයානන්ද ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

2016 වසරේ පෙබරවාරි මාසයේ 28 දා රාති‍්‍රයේ මගේ පුතා යතුරුපැදියෙන් එද්දී රාජගිරියේදී මෙම ජීප් රියේ හැපුනා. පරීක්‍ෂණවලදී කියවුණේ ඒ මොහොතේ පාඨලී මහතා ජීප් රියේ ගමන් නොකළ බවයි. ඔහු එම ජීප් රියේ හිටියාද නැද්ද නෙමේ අපේ ප‍්‍රශ්නය. ඔහුගේ ජීප් රියේ යම්කිසි කෙනෙක් හැපුණා නම් ඒ පුද්ගලයාගේ සුවදුක් බැලීම වාහනයේ අයිතිකරුගේ මානුෂික ප‍්‍රශ්නයක්. දැන් ඔහු මාධ්‍යයට කියනවා මේක සරල අනතුරක් කියලා. එයාට සරල අනතුරක් වෙන්න පුළුවන්. ඒත් අපට එහෙම හිතන්න බැහැ. පුතාව ගොඩගන්න අපි අපේ සේසතම වියදම් කළා. දැන් අපි අන්ත අසරණයි.

නෝමන් පලිහවඩන

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles