Divaina - රාජිතගේ මාධ්‍ය හමුවට ආ සුදු වෑන් රියැදුරන් බව කියූ දෙදෙනා සීඅයිඞී අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සංවිධානය කර පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රථවලින් පුද්ගලයන් පැහැර ගත් බව කියන වෑන් රථ රියැදුරකු හා පැහැරගෙන මුදා හැරුණු බව කියූ පුද්ගලයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (14 දා) මහර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන පැය 72 ක රැුඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.

මෙහිදී සැබෑවට සුදු වෑන් රථවලින් පුද්ගලයන් පැහැරගෙන ඇති හෝ ඇමැතිවරයාගේ ඉගැන්වීම් මත සිදුකළාද හෝ කිසියම් මුදලක් ලබාදී මෙම මාධ්‍ය හමුවට සහභාගි කරගෙන ඇතිද හෝ යන්න පිළිබඳව සහකාර පොලිස් අධිකාරිවරයකුගේ යටතේ විමර්ශනය සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග කොළඹදී ව්‍යාජ රැුවුල්වලින් සැරසී මෙම පුද්ගලයන් දෙදෙනා මාධ්‍ය හමුවට ඉදිරිපත්වී ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමෙන් පසුදා සිංහලේ සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරමින් රාජිත සේනාරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ යුතුව ඇතැයි ප‍්‍රකාශ කර ඇත.

චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles