Divaina - මහරගම රෝහලේ නම විකුණා මුදල් එකතු කිරීමේ ජාවාරම හෙළි කළ වෛද්‍යවරයාට මරණ තර්ජන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට යැයි පවසමින් ‘මොහොමඞ්’ නමැත්තකු රුපියල් කෝටි 100 ක මුදලක් එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරම තමා මාධ්‍යයට හෙළිකිරීම හේතුවෙන් එම පුද්ගලයා දින තුනක සිට දුරකථනයෙන් මරණීය තර්ජන කරන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘දිවයින’ට ඊයේ (15 වැනිදා) පැවසීය.

මේ නිසා තමා මහරගම පොලිසියට පැමිණිල්ලක් කළ බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

‘‘මොහොමඞ් කියන පුද්ගලයෙක් මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට කියලා ලංකාවේ වගේම පිටරටට ගිහිල්ලා මුදල් එකතු කරන ජාවාරමක් කරගෙන යනවා. රෝහලට රුපියල් කෝටි 100 ක මුදලක් අවශ්‍ය බව කියමින් මේ මුදල් එකතු කරන්නේ. ඒ මුදල් නැෂනල් ෆන්ඞ් එකවුන්ට් එකට දාන්න කියමිනුයි මේ ජාවාරම කරන්නේ. නමුත් ඒ කිසිම මුදලක් මේ රෝහලට ලැබෙන්නේ නැහැ. මම මේ ජාවාරම ගැන මීට මාස 6 කට උඩදී මිරිහාන හා මහරගම පොලිසියට පැමිණිලි කළා.

පසුගිය අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය සිදුවුණාට පස්සේ පහුවැනිදා (22 වැනිදා) මේ තැනැත්තා කියන ගිණුමට රුපියල් කෝටි 2 ක් බැරවෙලා තියෙනවා. මේ ජාවාරම කරන්න මොහු ගෝලයෝ 1500 ක් රටපුරා යොදවලත් තියෙනවා.

‘‘මම හෙළිදරව්ව මාධ්‍ය හරහා කළාට පස්සේ මේ පුද්ගලයා මට දුරකථනයෙන් තර්ජනය කරනවා මාව මරනවා කියලා. මම රට වෙනුවෙන් කරන්න පුළුවන් මගේ යුතුකම කරලයි තියෙන්නේ. ඒ වගේම මම මේ ගැන ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි දැනුම් දුන්නා.’’

මම මේ හෙළිදරව්ව කළේ මේ අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන සියලූ රෝගීන් වෙනුවෙන්. නැතුව මට වාසියක් ගන්න නොවෙයි. හෙට මැරුණත් කමක් නැහැ මම මගේ යුතුකම රට වෙනුවෙන් හෙළි කරලා ඉවරයි. මම කියන්නේ මේ පුද්ගලයා එකතු කරලා තිබෙන මේ රුපියල් කෝටි 14 ආණ්ඩුවට අරන් මේ අසරණ රෝගීන්ගේ සුබසාධනය සඳහා යොදවන්න කියලයි. මොහොමඞ් නමැත්තාට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles