Divaina - මිලේනියම් ගිවිසුම යළි සමාලෝචනයට රජය තීරණය කර ඇති බව නීතිපති ශේ්‍රෂ්ඨාධිකරණයට දන්වයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

 

ඒ. ඡේ. ඒ. අබේනායක

මතභේදයට ලක්‌වී ඇති මිලේනියම් චැලෙන්ඡ් ගිවිසුම (සහස්‍ර අභියෝග සංස්‌ථා සංයුක්‌ත ගිවිසුම) නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (13 දා) ශේ්‍රෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. එම ගිවිසුම අත්සන් කිරීමට රජය මේ දක්‌වා කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය ශේ්‍රෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

මිලේනියම් චැලේන්ඡ් ගිවිසුම, සෝපා ගිවිසුම හා ඇක්‌සා ගිවිසුම අත්සන් කිරීම වළක්‌වන අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ දර්ශන වේරදුවගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අඟුලුගල්ලේ ජිනානන්ද හිමියන් විසින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ (13 දා) බුවනෙක අලුවිහාරේ, එල්. ටී. ඩී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්‌. තුරෙයිරාජා හා ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එම පෙත්සම් ලබන මාර්තු 25 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.

එකී ගිවිසුම් අත්සන් කළහොත් රටේ ස්‌වෛරීභාවයට හා ජාතික ආරක්‌ෂාවට බලවත් තර්ජනයක්‌ එල්ල විය හැකි බවත්, සෝපා ගිවිසුම (හමුදාවන් ස්‌ථානගත කිරීමේ ගිවිසුම) අනුව විදේශ හමුදා සාමාජිකයන්ට සිය ගිනි අවි සහිතව රටේ ඕනෑම ස්‌ථානයකට ගමන් කිරීමේ අයිතිය හිමි වන බවත් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් පෙර නඩු දිනයේදී අධිකරණයට සඳහන් කර තිබිණි.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles