Divaina - බදු බරෙන් මිදුණු ජනයා සැපවත් ජීවිතයකට යනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 
 
 නෝමන් පලිහවඩන
 
 පසුගිය රජය ගෙනගිය අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා දැඩි ලෙස අසරණ වී සිටි ජනතාව නව රජය යටතේ බදු සහන ලැබීමෙන් පසු සැපවත් ජීවිතයක්‌ කරා ගමන් කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (13 දා) පැවසීය.
 
 මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.
 
 පසුගිය රජය පවත්වාගෙන යැමට විවිධ බදු අය කරමින් අහිංසක ජනතාව දැඩි ලෙස පීඩනයකට ලක්‌කළා.
 
 අපේ රජය මේ බදු ප්‍රතිපත්තිය ඉවත දමා ජනතාවට විශාල වශයෙන් බදු සහන ලබාදීම නිසා ජනතාව අද සතුටින් කාලය ගත කරනවා.
 
 ඉදිරියේදී ජනතාව යහපත් ආර්ථිකයක්‌ ගොඩනඟා ගැනීමට හැකි තත්ත්වයකට පත් කරනවා.
 
 තම මැතිවරණ කොට්‌ඨාසයේ මහජනතාවගේ ප්‍රශ්න සඳහා දැඩි අවධානය යොමුකර ඊට විසඳුම් ලබාදීමට ක්‍රියාශීලී වන ලෙස මැති ඇමැතිවරුන් සියලුම දෙනා දැනුවත් කළ බව ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
 
 මහජන හඬට කන් නොදුන් පසුගිය එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට පසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාව නිසි ආකාරයට පිළිතුරු දුන් බව කී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මහජනයා වෙනුවෙන් රටට සේවයක්‌ කිරීමට පත් වූ බව වත්මන් ඇමැතිවරුන් කිසිසේත් අමතක කළ යුතු නැතැයි ද සඳහන් කළේය.
 
 පසුගිය කාලයේ සංවර්ධන කටයුතු මුළුමනින්ම අඩපණ කර සංවර්ධනය මුවාවෙන් මහා ලොකු ශබ්දයක්‌ ඇති කළ නමුත් මහජනතාවට වඩා හිටපු මැති ඇමැතිවරුන් තමනට සේවය කරගත් බව ද අගමැතිවරයා සඳහන් කළේය.
 
 කතාව අඩුකර ජනතාව වෙනුවෙන් සේවය කිරීමට වත්මන් ආණ්‌ඩුව බැඳී සිටින බව ද හෙතෙම කීවේය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles