Divaina - නාගරික සංවර්ධනයට පස්‌ අවුරුදු ක්‍රියාන්විතයක්‌... ප්‍රධාන නාගරික කොරිඩෝ 9 ක්‌ නිර්මාණය කළ යුතුයි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා වැඩ භාර ගනිමින් කියයි
 
 
 සිරිමන්ත රත්නසේකර
 
harsan444

ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්‌ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ සාක්‌ෂාත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ 'එක දැක්‌මක්‌ එක ඉලක්‌කයක්‌' සහිත පස්‌ අවුරුදු ක්‍රියාන්විතයක්‌ ක්‍රියාත්මක කරන බව එම අධිකාරියේ අභිනව සභාපති වරලත් වාස්‌තු විද්‍යාඥ නගර නිර්මාණ ශිල්පී හර්ෂාන් ද සිල්වා මහතා පෙරේදා (12 වැනිදා) සඳහන් කළේය.
 
 මෙසේ ක්‍රියාවට නංවන්නේ වසර පහළොවක වැඩපිළිවෙළක්‌ බවත් හෙතෙම පැවසීය.
 
 වරලත් වාස්‌තු විද්‍යාඥ, නගර නිර්මාණ ශිල්පී හර්ෂාන්a ද සිල්වා මහතා පෙරේදා (12 වැනිදා) එම අදහස්‌ පළ කළේ නාගරික සංවර්ධන අධිකාරියේ අභිනව සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.
 
 නාගරික සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ලෙස ප්‍රසාද් නිශාන්ත රණවීර මහතා ද මෙහිදී සිය ධුරය වැඩ රාජකාරි ආරම්භ කළේය.
 
 මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්Cධායනා මැද අභිනව සභාපති හර්ෂාන් ද සිල්වා මහතා වැඩ භාර ගත්තේය.
 
 මෙහිදී මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් සභාපති හර්ෂාන් ද සිල්වා මහතා මෙසේ ද කියා සිටියේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්‌ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ ඒ අයුරින්ම සාක්‌ෂාත් කිරීම සඳහා අප ආයතනය පැත්තෙන් ගත යුතු සහ ගත හැකි සෑම පියවරකින්ම අප අවතීර්ණ වනවා. ඒ සඳහා අධ්‍යක්‌ෂ ජනරාල්තුමාගේ සිට සැමගේ සහාය එක ලෙස මා බලාපොරොත්තු වෙනවා.
 
 රට දියුණුව කරා රැගෙන යැමට ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ අයුරින්ම ක්‍රියාවට නැංවිය යුතුය. ඒ සඳහා අපට විශාල වැඩ කොටසක්‌ තිබෙනවා. අප කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ලෙස වැඩ සැලසුම් කළ යුතුයි. කඩිනමින් කළ යුතු දැ මොනවාද යන්න ප්‍රමුඛතා හඳුනාගෙන කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයි.
 
 විෂය භාර ඇමැතිතුමා වන අගමැතිතුමා, රාජ්‍ය ඇමැතිතුමා යන අපි සැම එක දැක්‌මක්‌, එක්‌ ඉලක්‌කයක්‌ අනුව වසර පහක ක්‍රියාන්විතයක්‌ ක්‍රියාවට නැංවීම අපේ ප්‍රධාන අරමුණක්‌ වෙනවා.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා ආරක්‌ෂක ලේකම් ධුරය හෙබවූ සමයේa මෙහි ක්‍රියාත්මක කළ කටයුතු නැවතත් ඒ අයුරින්ම නැවත ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එමගින් නව වෙනසක්‌ සහ සංවර්ධනයේ අලුත් මානයක්‌ සොයා යැමට අපට හැකි වේවි. එහි ප්‍රතිඵල ඔබට ඉදිරියට දකින්න ලැබේවි.
 
 අප වසර පහකදී කැටි කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ වසර දහයක පහළොවක වැඩපිළිවෙළක්‌. ඒ සඳහා විශාල සහායක්‌ ඔබගෙන් මට අවශ්‍ය වෙනවා. අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අපගේ ටීම් එක බොහොම හොඳයි. අපි එකට වැඩ කළ අයයි. අපගේ වැඩවල ආරම්භයක්‌ විකාශනයක්‌ සහ අවසානයක්‌ තිබෙනවා. මේ දේ තමයි අපි බොහෝ තැන්වල නොදකින්නේ. අපි සැලසුමකට අනුව ඉතා හොඳ ක්‍රියාන්විතයක්‌ කරනවා. වසර 5 තුළ ඒ සියලු වැඩ කටයුතු අප නිම කරනවා.
 
 පැල්පත්වාසීන් කියන්නේත් මේ රටේම මිනිසුන්. ඔවුන්ටත් මෙහි හිමිකමත් අයිතියත් තිබෙනවා. ඔවුන් සඳහා ඉදිරියේදී නිවාස ලබා දෙනවා. එමෙන්ම ඒ සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබාදීමට කටයුතු කරනවා.
 
 නාගරික සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‌ෂ ජනරාල් ප්‍රසාද් නිශාන්ත රණවීර මහතා මෙසේ ද කීවේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා, අගමැති මහින්ද රාජපක්‌ෂ මහතා සහ රාජ්‍ය ඇමැති ගාමිණී ලොකුගේ මහතාගේ නිර්දේශ හා උපදෙස්‌ මත මාව මෙම තනතුරට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඒ සෑම සියලු දෙනාටම මගේ ගෞරව ස්‌තුතිය පුද කරනවා.
 
 නාගරිකරණයේදී පළාතක්‌ වශයෙන් ගත් කල දිස්‌ත්‍රික්‌ක වශයෙන් විෂමතා තිබෙනවා. දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් කළ නගර වශයෙන් විෂමතා පරස්‌පරතා තිබෙනවා. එම විෂමතා සහ පරස්‌පරතා අපි අධ්‍යයනය කර හඳුනා ගත යුතුයි. පවතින භෞතික අවකාශය තුළ මෙම විෂමතාවයන් ගැන පරස්‌පරතාවන්ට විසඳුම් දිය යුතුයි.
 
 කොළඹ, හම්බන්තොට, කන්කස්‌නතුරේ සහ ත්‍රිකුණාමලය යන සිවු මහ නගර එක්‌ කර ප්‍රධාන නාගරික කොරිඩෝ නවයක්‌ නිර්මාණය කළ යුතුයි. ඒවා යා කෙරෙන අනුරාධපුර, මහනුවර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල, මන්නාරම, මඩකලපුව හා බදුල්ල යන ජාතික නගර සහසම්බන්ධීකරණය කරන මීගමුව, පුත්තලම, පොතුවිල්, දඹුල්ල, නුවරඑළිය සහ මාතර යන නගර සම්බන්ධ කර නාගරික පොකුරු නගර සැකසිය යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්‌ම' ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් එතුමා රටට හඳුන්වා දුන්නේ එයයි.
 
 ජනතාවට ජීවත් විය හැකි සුව පහසු, නාගරික මධ්‍යස්‌ථාන සැකසීම අපගේ ප්‍රධාන අරමුණයි. විද්වතුන්ගෙන් පිරී අප ආයතනයට එය කළ හැකිය.
 
 මෙම අවස්‌ථාවට ඇමරිකා ජෝර්ජියා විහාරස්‌ථානයේ විහාරාධිපති පනංවල වජිරබුද්ධි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු තවත් පිරිසක්‌ එක්‌වූහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles