Divaina - පසුගිය රජය සමයේ වරාය බත් පාර්සලයෙනුත් ගසා කළා - මහා ජාවාරමක සුලමුල හෙළිවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

රුපියල් එකසිය පනහක් වන ආහාර පාර්සලයකට රුපියල් තුන්සිය හැටක මිලක් ගෙවමින් පසුගිය රජය සමයේ කොළඹ වරාය සේවක බත් පාර්සලයෙන් සිදුකළ මහා පරිමාණ ගසා කෑමක් අනාවරණය වී තිබේ.

කොළඹ වරායේ සේවකයන් සඳහා දිනකට ලබාදෙන බත් පාර්සල් ප‍්‍රමාණය හත් දහසකි.

එම විශාල සැපයීම ප‍්‍රයෝජනයට ගත් පසුගිය රජය සමයේ වරායට පත්ව ආ නිලධාරී කල්ලියක් කරගෙන ගොස් ඇති මෙම ජාවාරමෙන් දිනකට වරාය අධිකාරියට සිදුව ඇති පාඩුව රුපියල් ලක්‍ෂ තිහක් පමණ වන බව ද හෙළි වී ඇත.

පසුගිය රජය සමයේ සිදුවූ මෙම ගසා කෑම පිළිබඳ වරාය වෘත්තීය සමිති වරාය නාවුක කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට කළ කරුණු දැක්වීමකින් පසුව සිදුකළ සොයා බැලීමකදී මේ බව හෙළි වී ඇත.

වරායට ආහාර සැපයීම සඳහා අඩු මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවන් ඉවත් කර ඉහත නිලධාරී කල්ලිය තමන්ට රිසි ලෙස සැපයුම්කරුවන් යොදාගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.

සමන් ගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles