Divaina - ඒඞ්ස් මඩින එන්නත නිපදවීමට ඇමෙරිකාව සූදානම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p15 1ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩියුක් සරසවියේ හා බොස්ටන් ළමා රෝහලේ විද්‍යාඥයන් පිරිසක් විසින් මිනිසාගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය එච්. අයි. වී/ ඒඞ්ස් වෛරසයට එරෙහිව සටන් වැදිය හැකි ප‍්‍රතිදේහ නිපදවන තත්ත්වයකට පත්කර ලොව ප‍්‍රථම සාර්ථක එච්. අයි. වී. ඒඞ්ස් එන්නත නිපදවීමට ආසන්නව සිටින බව එංගලන්තයේ ‘ඬේලි මේල්’ පුවත්පත පවසයි.

සෙසු රෝගාබාධවලට මෙන් නොව මිනිස් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය එච්. අයි. වී. ඒඞ්ස් වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප‍්‍රතිදේහ නොනිපදවයි. මේ නිසාම සතුන් යොදාගෙන සිදුකරන ලද අත්හදාබැලීම්වලදී ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය කපා වෙනස් කර එච්. අයි. වී. ඒඞ්ස් වෛරසයට එරෙහිව සටන් වැදිය හැකි ප‍්‍රතිදේහ නිපදවීමට එම පද්ධතියට බලපෑම් කිරීම මෙම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ. ඒ හරහා එච්. අයි. වී/ ඒඞ්ස් රෝගය සඳහා සාර්ථක එන්නතක් නිපදවීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

මෙතෙක් ලොව කිසිම රටකට එච්. අයි. වී/ඒඞ්ස් රෝගය සඳහා සාර්ථක එන්නතක් නිපදවීමට නොහැකි වී තිබේ.

ඒමන්ති මාරඹේ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles