Divaina - අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කරනවා - ඇමැති මහින්ද අමරවීර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ඉතා ඉක්මනින් අහෝසි කරන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී දැනුම්දී ඇත.

අර්ධ සුඛෝපභෝගී ලෙස නම් වුවද එහි ඇති පහසුකමක් නොමැති බවද එහි ඇති එකම පහසුකම ජනෙල්වල තිර රෙදි එල්ලා තිබීම පමණක් බවද සඳහන් කර තිබේ.

මෙම බස් රථ සේවාව පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගීන් දහසක් යොදාගෙන සමීක්‍ෂණයක් සිදුකළ බවත් එහිදී සියලූ මගීන් ප‍්‍රකාශ කර ඇත්තේ මෙමගින් කිසිදු පහසුකමක් නොලැබෙන බවත් සාමාන්‍ය බස් රථවලට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවීම පමණක් බවයි. එනිසා මෙම සේවාව අහෝසි කළ යුතු බව එම කොමිෂන් සභා නිලධාරීන් එහිදී පවසා ඇත.

සියලූ කරුණු සලකා බැලූ ඇමැතිවරයා අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව නිලධාරීන්ට දැනුම්දී ඇත.

රනිල් ධර්මසේන

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles