Divaina - ජනපති ඇතුළු මැති ඇමැතීන්ටත් ‘වීඅයිපී ලෝන්ච්’ එකට ඩොලර් දහසක ගාස්තුවක් - ඩිලාන් පෙරේරා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 2මැති ඇමැතිවරුන් ඇතුළු විශේෂ අවසර ලත් පුද්ගලයන් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන් සඳහා වූ පර්යන්තය :ඪෂඡු ඛ්මබජය) මින් ඉදිරියට පාවිච්චි කරන්නේ නම් ඩොලර් දහසක මුදලක් ගෙවිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත විශේෂ චක‍්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් සියලූ දෙනාටම මෙම නීතිය පොදු බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන් ඇතුළු විශේෂ අවසරලත් පුද්ගලයන් විදේශ ගතවීමේදී ගුවන් තොටුපළ සාමාන්‍ය මගී පර්යන්තය භාවිත කළයුතු බවත් විශේෂ අමුත්තන් සඳහා වූ පර්යන්තය පරිහරණය කිරීමට අවශ්‍ය කෙනෙකුට ඩොලර් දහසක මුදලක් ගෙවා එය පාවිච්චි කළ හැකි බවත් හෙතෙම පැවසීය.

විදේශ රටවලින් මෙරටට පැමිණෙන විශේෂ අමුත්තන් සඳහා මෙය බලනොපාන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රථම විදේශ නිල සංචාරය වූ ඉන්දීය සංචාරයේදී මෙම ආදර්ශය ජනාධිපතිවරයා ලබාදුන් බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (9 දා) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව අනාවරණය කළේය.

අනුර බාලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles