Divaina - ඩෙංගු පාලනයට බෝල්වැකියා එයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ලබන වසරේ (2020) පෙබරවාරි මාසයේ සිට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ‘‘බෝල්වැකියා’’ නමින් හඳුන්වන බැක්ටීරියාවක් ශරීරගත කළ මදුරුවන් පරිසරයට මුදාහරින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ‘‘දිවයින’’ට ඊයේ (08 වැනිදා) පැවැසීය.

මෙම බැක්ටීරියාව ශරීරගත කළ මදුරුවන් පරිසරයට මුදාහැරි පසු එම බැක්ටීරියාව නොමැති ඩෙංගු මදුරුවන් මර්දනය කෙරෙන බවද හෙතෙම කියා සිටියේය.

සති දෙකෙන් දෙකට මෙම බැක්ටීරියාව ශරීරගත කළ මදුරුවන් පරසරයට මුදාහරින බවද ඒ මහතා කීය.

කාලයක් යන විට ඩෙංගු මෙරටින් තුරන් කළ හැකි බවද හේ කියා සිටියේය.

මේ අතර මෙම වසර (2019) තුළ ගතවූ මාස 11 යි දින 09 ක කාලයේදී ඩෙංගු රෝගීන් අසූපන්දාහක් වාර්තාවන අතර වාර්තාවන ඩෙංගු මරණ ගණන 100 කට ආසන්නය.

ඩෙංගු රෝගීන් වැඩිම ප‍්‍රමාණයක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් හා උතුරු නැගෙනහිර පළාත්වලිනි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles