Divaina - සංඝයාට දැන් නිසි නායකත්වයක්‌ නෑ - අතුරලියේ රතන හිමි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

සුජීව තත්සර
 
 සංඝයා වහන්සේලාට නිසි නායකත්වයක්‌ ලබාදීමට මේ මොහොතේ කිසිවකු නොමැති බව අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
 
 පොලොන්නරුව දියසෙන්පුරදී ඊයේ (06 දා) පැවති උත්සවයක්‌ අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
 
 එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රතන හිමියෝ මෙසේ ද කියා සිටියහ.
 
 සාංඝික දේපළවලින් ලැබෙන දේ අද භික්‌ෂු සමාජය අතර පොදුවේ බෙදී යන්නේ නෑ. සෑහෙන තරම් මුදලක්‌ බෞද්ධ විහාරස්‌ථානවලට හිමිවන නමුත් එම මුදල් පොදු සංඝයාගේ යහපත වෙනුවෙන් යෙදවෙන්නේ නෑ.
 
 අද වනවිට අපට අධ්‍යාත්මික නායකත්වයක්‌ නෑ. සංඝ නායකත්වයන් රට පුරා ගොස්‌ නායකත්වය ලබාදෙන බවක්‌ පෙනෙන්නට නැහැ.
 
 ඒ නිසාවෙන් තමා ලබාගත් දැනුම සංඝයා වහන්සේලා සමග බෙදාගැනීමට කැමති බවත් පැවසූ උන්වහන්සේ තමා ධර්මය දැක ඒ තුළින් සතුටු වෙමින් ජීවත්වෙන අයකු බව ද සඳහන් කළහ.
 
 මිනිසුන් දන්නේ බොහොම පොඩි දෙයක්‌ බව ද පැවසූ රතන හිමියෝ කිසිදු පාලකයකුට පැවති ත්‍රස්‌තවාදය පරාජය කළ හැකි යෑයි විශ්වාසයක්‌ නොතිබුණු බව ද පැවසූහ.
 
 2007 දී තමා භික්‌ෂුන් වහන්සේලා 9 දෙනකු සමග පාර්ලිමේන්තු ගිය බවත් එදා එසේ නොකළේ නම් ආණ්‌ඩුව පාලනය කරනු ලබන්නේ සුළු ජාතික පක්‍ෂ බවත් කියා සිටියහ.
 
 එම තත්ත්වය එදා නැවතුණේ තමන් ඇතුළු සංඝයා නිසාවෙන් බවත් පැවසූ උන්වහන්සේ 2008 පැවති තීරණාත්මක මැතිවරණයේදී එක්‌ ඡන්දයකින් අයවැය ජයග්‍රහණය කළ බවත් සඳහන් කළහ.
 
 රටේ පැවති දරුණු ත්‍රස්‌තවාදයක්‌ අවසන් කිරීමට තමා තීරණාත්මකව කැපවීම ගැන අදටත් තමන්වහන්සේ සතුටු වන බව ද අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles