Divaina - හොර වැඩ කළ ගණකාධිකාරී වසර 367ක්‌ හිරේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020



ඒ. ඡේ. ඒ. අබේනායක

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තමන් සේවය කළ වෙළෙඳ ආයතනයට අයත් රුපියල් විසිඑක්‌ ලක්‍ෂ අනූනව දහසකට අධික මුදලක්‌ වංචා කළ ගණකාධිකාරිවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු බී. ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ (06 දා) බරපතළ වැඩ සහිත වසර 367 ක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව රුපියල් ලක්‍ෂ 19 ක දඩයක්‌ ගෙවීමට ද එහිදී නියම කළ විනිසුරුවරයා මේ වනවිට අධිකරණය මඟහැර ගොස්‌ සිටින හික්‌කඩුව ලියනගේ නන්දසිරි නමැති විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කිරීමට ද නියෝග කළේය.

කේ. ස්‌පෝර්ට්‌ස්‌ පුද්ගලික සමාගමේ ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කළ එම විත්තිකරු 2000 ජනවාරි 04 වැනිදා සහ 2001 ජනවාරි 3 වැනිදා කාලය අතරතුරදි පැමිණිලිකාර සමාගමේ ගණකාධිකාරවරයා ලෙස කටයුතු කරමින් භාණ්‌ඩ අලෙවියෙන් ලැබුණු මුදල් එලෙස වංචා කොට ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි. 2007 වසරේදී පැවරූ එම නඩුවේ විභාගය අතරතුරදී ඇප මත මුදාහැර තිබූ විත්තිකරු අධිකරණය මඟහැර ගොස්‌ සිටීම නිසා ඔහු නොමැතිව සාක්‍ෂි විභාගය පැවැත්වූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නඟා තිබූ අධිචෝදනා 19 ටම ඔහු වරදකරු බවට නිගමනය කොට පළමුවැනි අධිචෝදනාවට වසර 7 ක සිරදඬුවමකුත් සෙසු අධිචෝදනා 18 ට බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවමකුත් නියම කළේය. එවැනි වංචා සිදුකරන සෙසු විත්තිකරුවන්ට පාඩමක්‌ ඉගෙනගත හැකි අයුරින් දඬුවම් නියම කිරීම තම අධිකරණයේ වගකීම බව මහාධිකරණ භාෂණ පරිවර්තක එම්. එම්. ඒ. අµaරාර් මහතා විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශයට පත් කළ තීන්දුව මඟින් පෙන්වා දුන් විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා විත්තිකරුට එක්‌ එක්‌ අධිචෝදනාවලට නියම කළ සිරදඬුවම් වෙන් වෙන්ව ගෙවී යන පරිදි ලබාදීමට ද තීන්දු කොට තිබිණි.

විත්තිකරු අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ විවෘත වරෙන්තු නියෝගය කටුනායක හා මත්තල ගුවන්තොටුපළ වෙතත් ආගමන විගමන පාලකවරයා හා රාජ්‍ය බුද්ධි සේවා අංශ වෙතත් යෑවීමට ද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයනා සෙනෙවිරත්න මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles