Divaina - රාජිතගේ මාධ්‍ය හමුවේ සංස්‌කරණය නොකළ දර්ශන උසාවියෙන් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


  කශුනි රෙබෙකා
 
  rajgte135පැහැරගැනීමට ලක්‌ වූ බව කියන ස්‌විට්‌සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ලාංකික කාන්තාවගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය 02 වැනිදා මාධ්‍ය හමුවක්‌ පවත්වා තොරතුරු සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ එම මාධ්‍ය හමුවේ සංස්‌කරණය නොකළ දර්ශන පට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස විද්යුත් මාධ්‍ය හතක ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන්ට පෙරේදා 05 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා සිටියේ ස්‌විට්‌සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ කාන්තාවක වන ගාර්නියා බැනිස්‌ටර් µ්‍රeන්සිස්‌ නමැත්තියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙස ඉකුත් 03 වැනිදා මහෙස්‌ත්‍රාත්වරිය විසින් කළ නියෝගයක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කෙරෙන දැන්වීම් ස්‌විට්‌සර්ලන්ත තානාපති කාර්යාලයේ දොරේ සහ එම කාන්තාවගේ නිවසේ අලවා ඇති බවය.
 
 නමුත් එම පියවරට ඇයගෙන් තවමත් ප්‍රතිචාරයක්‌ නොමැති බවත් එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවක්‌ පවත්වා එම කාන්තාව බියට පත්ව ඇති බවට පැවසීම සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවත් නිලධාරීහු පවසා සිටියහ.
 
 ස්‌විට්‌සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව බියට පත්ව ඇති බවට පවසමින් මාධ්‍ය හමුවක්‌ පවත්වමින් ඇය පිළිබඳ තොරතුරු සඳහන් කිරීම ගැන සහ ඇය විමර්ශන සඳහා ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක්‌ ලබාගන්නා බවට අපරාධ පරීක්‍ෂණ නිලධාරීහු අධිකරණය හමුවේ පවසා සිටියහ.
 
 එමෙන්ම අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ එම මාධ්‍ය හමුව විද්යුත් මාධ්‍ය හතක්‌ ආවරණය කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම මාධ්‍ය හමුව පටිගත කළ වීඩියෝ දර්ශනවලට අදාළ සංස්‌කරණය නොකළ දර්ශන පට ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස නියෝග කරන ලෙසටය.
 
 ඒ අනුව මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් කළ ඉල්ලීම සලකා බලමින් එම මාධ්‍ය හමුව ආවරණය කළ සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන්ට සංස්‌කරණය නොකළ දර්ශන පට ලබාදෙන ලෙස නියෝග කළාය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles