Divaina - මෙරට ස්‌විස්‌ තානාපති නිලධාරිනිය රැගෙන යන්න ගිලන් ගුවන් යානයක්‌ සුරිච් ගුවන් තොටුපළේ සූදානමින්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

කීර්ති වර්ණකුලසූරිය
 
sw135පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනි ජී. ප්‍රැන්සිස්‌ නමැත්තිය ඇතුළු පවුලේ අය ගෙනයැම සඳහා ස්‌විස්‌ එයාර් ගිලන් ගුවන් යානාවක්‌ සුරිච් ගුවන්තොටුපළේ සූදානම් කර ඇත. මේ බව සුරිච් ගුවන්තොටුපළේ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ හෙළි කළහ.
 
 මෙම යානාවට කටුනායක ගුවන්තොටුපළට ඒම සඳහා පැය 10 1/2 ක්‌ ගත වේ.
 
 එම තානාපති නිලධාරිනිය ස්‌විස්‌ටර්ලන්තයට එවන ලෙස ස්‌විස්‌ රාජ්‍ය ලේකම්වරිය වූ මේරිස්‌ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයට උපදෙස්‌ දී ඇත.
 
 එහෙත් මෙම ස්‌විස්‌ යානාවට කටුනායකට පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ දක්‌වාම අවසර දී නැත.
 
 ජී ප්‍රැන්සිස්‌ නමැත්තියට මෙරටින් පිටවීම දෙසැම්බර් 9 දා දක්‌වා තහනම් වී ඇත.
 
 මේ අතර ඇය මේ දක්‌වාම රහස්‌ පොලිසියට පැමිණ සිදුවූ බව කියන සිද්ධිය ගැන කටඋත්තරයක්‌ දී නැත.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles