Divaina - සුදු වෑන් රථයකින් පැහැර ගත් බව කියන ස්විස් නිලධාරිනියට රටින් පිටවීම තහනම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
 
sww124පසුගිය 25 වැනිදා සුදු වෑන් රථයකින් පැහැරගෙන  ගියේ යැයි කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නමැත්තියට ලබන 9 වැනිදා දක්වා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 9 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා ඇයට නොතිසි නිකුත් කිරීමට නියෝග කළාය.


 එකී නිලධාරිනිය පැහැර ගෙන ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයට වීසා නිකුත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම හා ඇගේ ජංගම දුරකථනයේ ගබඩා කොට තිබූ දත්ත බලහත්කාරයෙන් ලබා ගැනීම හා ඇයට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.
 
 එකී තානාපති කාර්යාලය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් කළ ලිඛිත පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ අතර එම විමර්ශනය සඳහා ඇගේ ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඉතා අත්‍යවශ්‍ය වුවත් ඇයගේ අනන්‍යතාව සම්බන්ධයෙන් හෝ ඇය, ඇයගේ සැමියා හා දරුවන් මේ වනවිට රැුඳී සිටින ස්ථාන පිළිබඳව හෙළි කිරීම තානාපති කාර්යාලය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනිමැරීම් පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට කියා සිටියේය.
 
 පසුගිය 25 වැනිදා මෙම නිලධාරිනිය සිය දරුවන් ඉගෙනුම ලබන කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයට යන බව පවසා තානාපති කාර්යාලයෙන් පිටතට ගිය බවට තොරතුරු ලැබී ඇති බවත් ලැබුණ පැමිණිල්ල අනුව මාලිගාකන්ද ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි ඇගේ නිවසට ගොස් සොයා බැලූ විට එම නිවස වසා දමා ඇති බවට අනාවරණය වීම නිසාත් එම නිලධාරිනියගේ මව පදිංචිව සිටි නිවස වෙත ගොස් විමසූ බව ද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
 
 එම නිලධාරිනියගේ මවත් ඇගේ ඇඳුම් පැළඳුම් ද රැුගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම තානාපති නිලධාරිනියගේ මෙන්ම නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ සේවය කරනා ඇගේ සැමියාගේ ජංගම දුරකථන පවා විසන්ධි කොට ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වාදී ඇති කරුණු සත්‍ය නම් එය පෞද්ගලික සිද්ධියක් නොව ශී‍්‍ර ලංකා රජයටත් බලපාන දැඩි ප‍්‍රශ්නයක් වන බව පැවසූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එකී පැමිණිල්ලේ අඩංගු කරුණු සියයට සියයක් සත්‍ය ද යන කරුණු මෙන්ම එකී නිලධාරිනියව යම්කිසි පිරිසක් විසින් මෙහෙයවන්නේ ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා ප‍්‍රථමයෙන්ම ඇයගේ ප‍්‍රකාශය සටහන් කළ යුතුව ඇතැයි කීය.
 
 එකී ප‍්‍රකාශය ලබා නොදී ඇය යම් හෙයකින් විදේශගත වුවහොත් එය රජයේ ප‍්‍රතිරූපයට දැඩිව බලපාන කරුණක් නිසා ඇයගේ මෙන්ම ඇයගේ සැමියාගේත් විදේශගත වීම වළක්වන නියෝගය ඉල්ලා සිටින බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට පැවසීය.
 
 වැඩිදුර විමර්ශන සිදු කර ලබන 9 වැනිදා අධිකරණයට විමර්ශන ප‍්‍රගතිය වාර්තා කරනා ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.
 
 නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ, සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. තිලකරත්න යන මහත්වරුන් පැමිණිල්ල නියෝජනය කළහ.
 
 කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනිය ලෙස රාජකාරි කළ ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නමැති ද්‍රවිඩ ජාතික නිලධාරිනිය පසුගිය 25 වැනිදා ගමන් කළ රථයේ රියැදුරුගෙන් ද ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ සටහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles