Divaina - පූජිත් සහ හේමසිරි 17 දා තෙක් යළි රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 

hemairi  කශුනි රෙබෙකා, ඡුායාරූපය- සමන් රණවීර
 
 පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීම සඳහා පියවර  නොගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (03 වැනිදා* නියෝග කළේය.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියේ චෝදනා ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයගේ කෑගල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුම සම්බන්ධව එම බැංකු කළමනාකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.
 
 මෙම විමර්ශනයට අදාළව පොලිස් නිලධාරීන් දසදෙනකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් මේ සම්බන්ධව පරීක්ෂණ අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා කල් ලබාදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
 
 එම කරුණු සලකා බලමින් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන් ලබන (17 වැනිදා* තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද එදින පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles