Divaina - පාර්ලිමේන්තු සැසිය අවසන් නව සැසිය ජනවාරි 03

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (02 වැනිදා) නිකුත්කර ඇත.

නව සැසිවාරය ආරම්භ කෙරෙන දිනය 2020 වසරේ ජනවාරි මස 03 වැනිදා ලෙස එහි සඳහන් කර ඇති බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව 08 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය ඊයේ (02 වැනිදා) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වේ.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (01 වැනිදා) අත්සන් තබා ඇත.

පාර්ලිමේන්තුව අද (03 වැනිදා) ප. ව. 1.00 ට රැුස්වීමට නියමිතව තිබුණි.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (02 දා) රාති‍්‍රයේ රජයේ මුද්‍රණාලයට යවා තිබිණි.

නව සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 වසරේ ජනවාරි මස 03 වැනිදා (සිකුරාදා) පෙ. ව. 10.00 ට විවෘත කරනු ඇත.

කුෂාන් සුබසිංහ - අකිත පෙරේරා

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles