Divaina - පාඩුව රු. බිලියන අනූවක් එල් එන් ජී ගනුදෙනුව ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

රජයට රුපියල් බිලියන අනූවකට අධික මුදලක් අහිමි කර ඇතැයි පැවසෙන එල්. එන්. ජී. ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස මගී ප‍්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඉකුත් රජය යටතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය හරහා කි‍්‍රයාත්මක කිරීමට යෝජිතව තිබූ එල්. එන්. ජී. ව්‍යාපෘතිය පිළිබඳව ඊයේ (2 දා) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡුාවකින් අනතුරුව ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇත.

සියයට හැටතුනක අයිතිය තිබෙන සමාගමකට එම කොන්ත‍්‍රාත්තුව ලබා නොදී චීන සමාගමකට ලබාදීම මගින් රජයට රු. බිලියන අනූවක පමණ මුදලක් අහිමි කළ බව මෙම සාකච්ඡුාවේදී අනාවරණය වී ඇත.

මෙම එල්. එන්. ජී. ටෙන්ඩරය සඳහා දේශීය සමාගමක් විසින් වැඩිම මිලක් ඉදිරිපත් කර තිබියදීත් විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමනාවට එම ටෙන්ඩරය අඩු මිලක් ඉදිරිපත් කර තිබූ චීන සමාගමට ලබා දීමට අනුමැතිය දී තිබේ.

මෙම සාකච්ඡුාව සඳහා ටෙන්ඩරය ඉදිරිපත් කළ දේශීය සමාගමේ නියෝජිතයන් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගි වී ඇති අතර එහිදී ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර ඇත.

මේ පිළිබඳව පුළුල් සාකච්ඡුාවක් ලබන 5 වැනිදා අමාත්‍යාංශයේදී පැවැත්වීමට ඇමැති මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.

අරුණ බෝගහවත්ත

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles