අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (02 වැනිදා) උපදෙස් දී ඇත.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇති විය හැකි නායයෑම්, පස් කඳු කඩාවැටීම්, ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණදීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනාධිපතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එසේම ආපදා තත්ත්වය හේතුවෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමටත්, මහජන සුබසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමටත් අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ති‍්‍රක් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මේ අතර මෙම සියලූ කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට ද කටයුතු යොදා ඇත.
ලසිත දුමින්ද