තම දරු දෙදෙනාට බෙහෙත් ගැනීම සඳහා රෝහලට යමින් සිටි 28 හැවිරිදි කාන්තාවක් 30 වැනිදා අලූයම බකමූණ, සිරිකඳුයාය ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් තුවාල ලබා ඇතැයි බකමූණ පොලිසිය කියයි.
ඇය ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.
මව සමග සිටි දරුවන් දෙදෙනා ඈතට දිව ගොස් සැඟවී ජීවිත බේරාගෙන ඇත.
මේ දිනවල දිනපතාම පාහේ අලි
ගම්වැදීම සිදුවන බවත් එසේ පෙර දින රාති‍්‍රයේ ගම්මානයට පැමිණි වන අලියකු රැුඳී සිට තම දියණිය ඇගේ දරුවන් දෙදෙනාට බෙහෙත් ගැනීමට බකමූණ රෝහලට යෑමට බස් නැවතුම වෙත යමින් සිටියදී පහරදී තිබෙන බවත් එම කාන්තාවගේ පියා වන බකමූණ, සිරිකඳුයායක අංක 86 ලිපිනයේ පදිංචි එම්.පී.දයානන්ද (59) මහතා ප්‍රකාශ කළේය.
බකමූණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
කරුණාරත්න ගමගේ