මිලියන 4 ට අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක ‘‘සුරක්ෂා’’ රක්ෂණය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඇතැම් ජනමාධ්‍යවලද, ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවලද පළ වී ඇති වාර්තා, මුළුමනින්ම සත්‍යයෙන් තොර බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට තමා කිසි විටෙක නොපැකිලෙන බවත්, අමාත්‍ය ධුරයේ වගකීම් භාරගත් මොහොතේ ජනමාධ්‍ය හමුවේද තමා එය අවධාරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටී.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය මෙම රක්ෂණය ඵලදායී ව්‍යාපෘථියක් වුවද ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ සියලූ දුර්වලකම් සහ අතීතික ක්‍රියාකාරකම් දුරුකොට ජාතියේ දරුවනට උපරිම ප්රතිලාභ හිමිවනසේ ක්‍රියාත්මක කළ යුතු බව තීරණය කර බව අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගනු ලබන්නේ ගෞරවයෙන් සහ මහත්වූ විශ්වාසයෙන් යුතුව බවද අමාත්‍යවරයා පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්