Divaina - ප‍්‍රධාන ජලාශ 10ක් වාන් දමයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p1 9පුත්තලම, මාතලේ, අනුරාධපුරය, හම්බන්තොට, මඩකලපුව දිස්ති‍්‍රක්කවල ප‍්‍රධාන ජලාශ දහයක් පවතින වැසි සමග වාන් දමා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල කළමනාකරණ) ජානකී මීගස්තැන්න මහත්මිය පැවසුවාය.

ඊයේ (01 දා) වන විට දිස්ති‍්‍රක්ක කීපයකට ඇද හැළෙන මහ වැසි සමග ජලාශ ජලයෙන් පිරෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජලාශ වාන් දැමීමෙන් මල්වතුඔය, කලාඔය, මීඔය, දැදුරුඔය, මැණික්ග`ග, මුන්දෙණිආරු ගංගාවල ජල මට්ටම ක්‍ෂණිකව ඉහළ යෑමේ අවදානමක් පවතින නිසා පහළ නිම්නවල පදිංචි ජනතාව ගංගා ජලය පරිහරණය වඩාත් අනතුරුදායක බව අධ්‍යක්‍ෂවරිය කීවාය.

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ රූගම් ජලාශය පිටාර ගලයි. ජලාශයේ පහළ නිම්නය වන මුන්දෙණිආරු ප‍්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවද කියයි. යෝධ වැව පිට වාන අඩි දෙකක් පිටාර ගැලීම නිසා වැඩි ජලය මල්වතුඔයට එක්වෙයි. මල්වතු ඔය ගංවතුර තර්ජනය මන්නාරම දිස්ත‍්‍රික්කයට බලපෑම් ඇති කරන බවද පැවසුවාය. කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත. රාජාංගන ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කර ඇත. කලාඔයට තත්පරයට ඝන අඩි දහසය දහසක් ජලය මුදාහරින බව අධ්‍යක්‍ෂවරයා පැවසුවාය. ඒ අනුව කලාඔය පහළ නිම්නයේ ජනතාව කලාඔයේ ජලය පරිහරණය අනතුරුදායක බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර වැඩි ජලය මීඔයට මුදාහරී. පුත්තලම දිස්ත‍්‍රික්කයේ මීඔය පහළ නිම්නයට බලපෑම් ඇතිවන බවද ඇය පැවසුවාය. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08 ක් විවෘත කර ඇත. වැඩි ජලය දැදුරුඔයට මුදාහරින අතර පහළ නිම්නයේ පදිංචි ජනතාවට බලපෑම් ඇති විය හැකි බව ඇය කියා සිටී.

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ රූගම් ජලාශ වාන් දැමීමට පටන් ගෙන ඇති නිසා එහි පහළ නිම්නයේ මුන්දෙණිආරු ප‍්‍රදේශයට ගංවතුර තර්ජන ඇතිවීමේ අවදානමක් පවතින බවද ඇය පැවසුවාය.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles