Divaina - දිස්ත‍්‍රික්ක 13 කට බලපෑම් ආපදාවලින් මරණ පහක් වලපනේ දරු පවුලක්ම පස්යට වැළලෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p1 5- පියා, මව සහ දියණියගේ සිරුරු හමුවෙයි

- සා.පෙළ ලියන්න සිටි පුත‍්‍රයාගේ සිරුර හමුවී නෑ

- දිස්ත‍්‍රික්ක 13 කට බලපා තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඊයේ (01 දා) වන විට මරණ 05 ක්, අතුරුදන්වීම්  01 ක් සමග පවුල් 1156 කට අයත් පුද්ගලයන් 4126 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තාවී ඇත.

නුවරඑළිය, වලපනේ ප‍්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් නිවසක සිටි තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්වී ඇත. වල්අලි ප‍්‍රහාර හේතුවෙන් මාතලේ නාඋල සහ පොළොන්නරුව දිඹුලාගල ප‍්‍රදේශවල දෙදෙනෙකු මියගොස් ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් සිව්දෙනකු තුවාල ලබා තිබෙන අතර නිවාස දෙකකට පූර්ණ හානිද තවත් නිවාස විසිහතකට අර්ධහානි ද සිදුවී ඇත. ආපදාවෙන් පීඩාවට පත් පවුල් එකසිය පනස් අටකට අයත් පුද්ගලයන් පන්සිය හැටනම දෙනකු ආරක්‍ෂිත ස්ථාන හතරක රැුඳවීමට පියවර ගෙන ඇත.

p1 6ජනතාව පීඩාවට පත්ව ඇත්තේ බදුල්ල, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්ක වලයි.

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලූ ඔයේ සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් කටාන, ජා ඇල, මිනුවන්ගොඩ, ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඊයේ දහවල තෙක් පැවැති අතර ගම්පහ ජා ඇල මාර්ගයේ සහ ගම්පහ මිනුන්ගොඩ මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබිණි. වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවුවහොත් අත්තනගලූඔය සහ ඊට සම්බන්ධ අතු ගංගාවල දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්‍ෂා වීමට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු අටක්, උඩවලව ජලාශයේ වාන් දොරටු 05 ක්, බදුල්ල උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07 ක්, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක්, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ක්, මාතලේ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 02 ක්, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 02 ක් කුකුළේග`ග ජලාශයේ වාන් දොරටු 1 ක් විවෘත කිරීමට පියවර ගෙන ඇත. කිලිනොච්චිය වන්නේරි වැව සහ පිරමන්තනාරු වැව පිටාර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙක් ‘‘දිවයින’’ට පැවසීය.

නායයෑම්, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් හේතුවෙන් බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල කොස්ලන්ද ග‍්‍රාම නිලධාරි වසමේ අම්පිටිකන්ද වත්තේ සුළු නායයාමක් සිදුව ඇත. මේ හේතුවෙන් ලයින් කාමරයකට අර්ධ හානි සිදුවී තිබේ.

මොනරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාපතිය ග‍්‍රාම නිලධාරි වසමේ ගල් පෙරළීමක් හේතුවෙන් පවුල් 07ක පුද්ගලයන් මැදපිටිය විහාරස්ථානය වෙත යොමු කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රත්නපුර, බලංගොඩ හා ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ලූණුගල, ඇල්ල, හාලිඇල, හපුතලේ, බදුල්ල හා බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දෙහි ඕවිට, වරකාපොල, රුවන්වැල්ල, දැරණියගල හා යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑම් පිළිබඳ විමසිලිමත්වීමේ නිවේදනය නිකුත් කර ඇත. විදුලි රැුහැන් මතට ගස් කඩා වැටීමෙන් දියතලාව, හපුතලේ, බණ්ඩාරවෙල, රුවන්වැල්ල, බලංගොඩ, කුරුණෑගල ප‍්‍රදේශවල පවුල් 5000 කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇත.

පෙරේදා (30 දා* දිනය තුළ කළුතර පිඹුර සහ අගලවත්ත ප‍්‍රදේශවලට මිලිමීටර් 239.50 කද, නුවරඑළිය දාරඔය ප‍්‍රදේශයට මිලිමීටර් 153.75කද, අප්කොට් ප‍්‍රදේශයට මිලිමීටර් 120කද, කෑගල්ල දැඩිගම ප‍්‍රදේශයට මිලිමීටර් 141.75 කද, ගලිගමුව ප‍්‍රදේශයට මිලිමීටර් 114 කද, මාතර මුලටියන ප‍්‍රදේශයට මිලිමීටර් 138.50 කද, මාකඳුර ප‍්‍රදේශයට මිලිමීටර් 127 කද, බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රදේශයට මිලිමීටර් 113.75 කද, හාලිඇල ප‍්‍රදේශයට මිලිමීටර් 105.75 කද, රත්නපුර වෙලේබොඩ ප‍්‍රදේශයට මිලිමීටර් 134 කද අනුරාධපුර ප‍්‍රදේශයට මිලිමීටර් 172 කද, මන්නාරම යෝධ වැව ප‍්‍රදේශයට මිලිමීටර් 231කද, වවුනියාව පෙරියපන්ඩිපිරිච්චාන් ප‍්‍රදේශයට මිලිමීටර් 238 කද වර්ෂාපතනයක් ලැබී ඇත.

නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප‍්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්ව සිටි තිදෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව නුවරඑලිය දිස්ත‍්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

පසුගිය 30 දා රාත‍්‍රි 7.30 ට පමණ වලපනේ ප‍්‍රදේශයට ඇදහැලූණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මුන්වත්ත මලපට්ටාව ප‍්‍රදේශය නායයෑමෙන් මාර්ගයට පහළින් වූ නිවසක් සම්පූර්ණයෙන්ම යට විය. එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරුවන් වූ පාසල් සිසුවකු සහ සිසුවියක අතුරුදන්ව සිටි බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

අතුරුදන්ව සිටි අඹු සැමි යුවළගේ සහ ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දියණියගේ සිරුරු අතුරුදන් වූවන් සොයා මෙහෙයුමේ නිරතව සිටින නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින්, පොලිසිය ප‍්‍රදේශවාසීන් එක්ව සොයාගත් බවත්, අද (02දා* පැවැත්වෙන අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පුත‍්‍රයාගේ සිරුර සොයා තවදුරටත් යුද හමුදාව සහ ප‍්‍රදේශවාසීන් මෙහෙයුමේ නිරත වන බවත් දිස්ත‍්‍රික් ලේකම්වරයා කියා සිටී.

නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි මේජර් අසිත රණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ නුවරඑළිය තුන්වන ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පනහකින් සමන්විත භට පිරිසක් මෙහෙයුමට එක් වී සිටිති.

මෙහෙයුම සිදු කළ භට පිරිස් විසින් නිවස තිබූ ස්ථානයට පහළින් පස් යට තිබී සොයාගනු ලැබුවේ ජී. ජී. රන්බණ්ඩා (51*, කේ. ජී. බිසෝමැණිකා (48*, කේ. එම්. ජී. ජී. දිනේෂා කරුණාරත්න (17* යන අයගේ සිරුරුයි. අතුරුදන්ව සිටින ජී. ජී. කලන පැතුම් (15* යන අයගේ සිරුර මෙතෙක් සොයාගෙන නැත.

නායයෑමට ලක් වූ නිවසේ පදිංචිකරුවන්ට මීට පෙර එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ ඒකකය මගින් දැනුම් දීමක් සිදු කර ඇති බව පැවසේ. නායයෑමට ලක් වූ ස්ථානයේ නිවාස කිහිපයක පදිංචි පවුල් ගණනාවක් තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින නිසා එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් කළ බව දිස්ත‍්‍රික් ලේකම්වරයා කියා සිටී.

පෙරේදා (30දා* ඇදහැලූණු අධික වර්ෂාවත් සමග නුවරඑළිය, හාවාඑළිය සහ ක`දපොල ගල්පාලම ප‍්‍රදේශයේ එළවළු වගාවටද දැඩි අලාභ හානි සිදු වී ඇත. වලපනේ නායයෑමට ලක් වූ ස්ථානයේ සිදු කරන මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලීමට දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතාද එම ස්ථානයට පැමිණ සිටියේය.

ඡායාරූප විස්තරය

චමින්ද සිල්වා -නුවරඑළිය නාලක රත්නායක

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles