Divaina - අපේක්‍ෂා රෝහලේ ඖෂධ හිගය ගැන කට හොල්ලන්න එපා කියා හිටපු ඇමැති රාජිත කීවා - රෝහල් අධ්‍යක්‍ෂ කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

‘මහරගම අපේක්‍ෂා රෝහලේ ඖෂධ හි`ගය ගැන කට හොල්ලන්න එපා’ යැයි p5 2හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරණයට පෙර තමාට දැනුම් දුන් බව එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi වසන්ත දිසානායක මහතා ඊයේ (01 වැනිදා) ‘දිවයින’ට පැවසීය.

සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක ලැයිස්තුවක් වෛi සැපයුම් අංශයට යැවීම පිළිබඳව උරණ වූ අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දුන් බවද ඒ මහතා කීවේය.

කෙසේ වෙතත්, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ හි`ග බෙහෙත් සම්බන්ධයෙන් වහාම දැනුම් දෙන්නැයි තමාට දැනුම් දුන් බවද හෙතෙම කියා සිටියේය.

මේ වන විටත් රෝහලේ පවතින ඖෂධ හි`ගයට නව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබී ඇතැයි ද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි ද රොහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

රෝහලේ වසර 19 ක සේවා කාලයක් සපුරා ඇති තමන් ජනාධිපතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබූ බවත්, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කර එය වළක්වාගත් බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්‍ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi වසන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles