Divaina - ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය භාරගන්නවා - වැ.බ. සභාපති කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු වහාම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ‘දිවයින’ ට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබාදීමට ගත් තීරණයත් සමඟ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් තාවකාලිකව ඉවත් වූ අතර නැවතත් ජනාධිපතිවරණයෙන් පසු පක්‍ෂයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයිද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි කටයුතු සිදුකරනු ඇති බවද වැඩබලන සභාපතිවරයා පැවසීය.

අරුණ බෝගහවත්ත
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles