Divaina - යාපනය සරසවි සිසුවෙක් වවුනියාවේ කැලෑවක අතරමංවෙලා - දෙමාපියෝ පොලීසියට පැමිණිලි කරති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

යාපනය විශ්වවිiාලයේ ශිෂ්‍යයකු පෙරේදා (10 දා) වවුනියාවේ කනගරායන්කුලම ප‍්‍රදේශයේ කැලයක අතරමං වී සිටින බවට ඔහුගේ දෙමව්පියන් ඊයේ (11 දා) වවුනියාව කනගරායන්කුලම පොලිසියට පැමිණිලි කොට තිබේ.

වයස අවුරුදු 23 ක් වන මේ සිසුවා වවුනියාවේ කනගරායන්කුලම කුරිසුට්ටකුලම් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු නිවසට පැමිණ සිටියදී අවශ්‍යතාවකට ලී කැපීම සඳහා කනගරායන්කුලම කැලයට ගොස් ඇතත් ඔහු මේ වන තුරු ආපසු පැමිණ නොමැති බව දෙමව්පියන් පොලිසියට පවසා තිබේ. සිසුවාගේ දෙමව්පියන් විශ්වාස කරන්නේ මොහු කැලයේ අතරමං වන්නට ඇති බවයි.

අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා වවුනියාව කනගරායන්කුලම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles