Divaina - ගෝඨාට ඡන්දය නොදෙන්නැයි මත්ලෝලීන් යොදවා ගෝල්ෆේස්හි උපවාසයක් කිරීමේ සූදානමක් - සිසිර ජයකොඩි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබා නෙදෙන ලෙසට බලකරමින් ගෝල්ෆේස්හි පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක පිළිරුව අසල මත්කුඩුලෝලීන් 100 ක පිරිසක් යොදවා උපවාසයක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානය කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා ‘දිවයින’ ට ඊයේ (11දා) පැවැසීය. 04 - පිටුවට

මෙම උපවාසය සඳහා මත්ලෝලී පුද්ගලයන් සොයාදෙන ලෙස අලූත්කඬේ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ මහත්මයකුට ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ අනුව නීතිඥ මහතා මෙම පිරිස එකතු කරමින් සිටින බවත් සිසිර ජයකොඩි මහතා කීය.

උපවාසයේ යෙදෙන පිරිසට නිල්පාට ටී ෂර්ට් හා නිල්පාට කැප් පළඳවා හෙට (13දා) සිට මැතිවරණය දිනය දක්වා උපවාසයේ යෙදීමටත් ඒ සඳහා එක් අයකුට රුපියල් 10,000 ක මුදලක් ලබාදීමටත් මෙය සංවිධානය කරන පිරිස් සැලසුම් කර තිබෙන බව ඒ මහතා කීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැහැදිලි ජයක් ලබන බවට පෙනීයන නිසා එය වැළැක්වීමට දරන මෙවැනි කටයුතු නිසා ඇත්ත ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ඡුන්දය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබාදීම ස්ථිර බවත් ජයකොඩි මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles