Divaina - ජනාධිපති ආරක්‍ෂක රථ ගාලේ හදිසි ගින්න සීඅයිඞීයෙන් විමර්ශන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

කොළඹ කොටුව මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති ආරක්‍ෂක අංශ රථ ගාලේ පෙරේදා (10 වැනිදා) රාත‍්‍රී ඇතිවූ හදිසි ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ගින්නෙන් ජනාධිපති ආරක්‍ෂක අංශයේ රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට අයත් පෞද්ගලික යතුරු පැදි, පොලිස් නිල යතුරු පැදි 47 ක් මුළුමනින්ම විනාශයට පත්විය.

මෙම රථ ගාලේ නතර කර තිබූ ති‍්‍රරෝද රථයක්ද ගිනිගෙන විනාශ වී ඇත. මෙහිදී ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරීන් රාජකාරි සඳහා යොදාගන්නා නිල යතුරු පැදි දෙකක්ද මුළුමණින්ම ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම ගින්නට හේතුව ඊයේ (11දා) දහවල් වනතුරුත් හෙළිවී නොතිබිණි. රජයේ රස පරීක්‍ෂකවරයා මෙම ගින්න ඇතිවූ ස්ථානය වෙත පැමිණ එය පරීක්‍ෂාවට ලක්කර ඇත.

ගින්න සැලවූ වහාම කි‍්‍රයාත්මක වූ කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා කොටුව පොලිසියේද සහාය ඇතිව ගිනි නිවන හමුදාවද කැඳවා එය පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

මෙම ගින්න කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්ද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසා හට ගත්තේද යන්න රහස් පොලිසිය සොයා බලාගෙන යයි.

හේමන්ත රන්දුණු
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles