Divaina - මිලේනියම් පෙත්සම් සලකා බැලීමට පංච විනිසුරු මඩුල්ලක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ශ‍්‍රී ලංකා රජය ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ඇමරිකන් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (සහස‍්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම) ඇතුළු ගිවිසුම් අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් තුනක් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ලක් පත්කර ඇත.

බුවනෙක අලූවිහාරේ, එල් ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම් ලබන 13 වැනිදා සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතය.

නීතිඥ දර්ශන වේර¥වගේ, පූජ්‍ය අගුලූගල්ලේ ජිනානන්ද හිමි හා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

ඇමරිකන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම, සෝපා ගිවිසුම (හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම) හා ඇක්සා ගිවිසුම (අත්පත් කර ගැනීම් හා අන්තර්සේවා සැපයීමේ ගිවිසුම) යන ගිවිසුම් අත්සන් කිරීමක් කළහොත් රටේ ස්වෛරීභාවයට හා ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් එල්ල විය හැකි බැවින් සිය පෙත්සම් විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු එකී ගිවිසුම් අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles