Divaina - ලංවිම පාඩුව බිලියන 89 ක්‌.... ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය



රටටම එළිය දෙන විදුලි බල මණ්‌ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා විදුලි බල මණ්‌ඩලයේ පාඩුව මේ වසර වනවිට රුපියල් බිලියන 89 ක්‌ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ zවිදුලි පුරාණයZ ග්‍රන්ථය එළිදැක්‌වීම වෙනුවෙන් ඊයේ (08 දා) පස්‌වරුවේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

විදුලි බල මණ්‌ඩලයේ සිදුව තිබෙන දැවැන්ත කඩා වැටීම පිළිබඳ වගකීමේදී මහජන උපයෝගිතා කොමිසමට ඉන් නිදහස්‌ විය නොහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර ජල සම්පාදන, ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ආයතනවල සිදුවන අක්‍රමිකතා රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇද දමා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ආණ්‌ඩුවක්‌ ලෙස තීන්දු තීරණ ගැනීමේදී මෙම ආයතනවලින් රටේ ආර්ථිකය බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.

විදුලි බලය පිළිබඳ නිත්‍ය නේවාසිකයකු, පර්යේෂකයකු හා සමීක්‌ෂකයකු ලෙස පුළුල් අත්දැකීම් සම්භාරයක්‌ ඇති රූබන් වික්‍රමආරච්චි මහතා විසින් zවිදුලි පුරාණයZ ග්‍රන්ථය සම්පාදනය කර තිබෙන අතර ප්‍රාග් ඉතිහාසයේ සිට මේ දක්‌වා ලංකාවේ සහ ලෝකයේ සිදුවූ විදුලිය පිළිබඳ වැදගත් කරුණු එහි අන්තර්ගතය.

ග්‍රන්ථයේ පළමු පිටපත රූබන් වික්‍රමආරච්චි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ආචාර්ය සරත් අමුණුගම, රවී කරුණානායක යන මහත්වරු මෙන්ම විදුලිබල ක්‌ෂේත්‍රයේ විද්වත්හු ප්‍රමුඛ ආරාධිත පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles