කීර්ති වර්ණකුලසූරිය
පාස්කු ඉරිදා ප්රහාරය එල්ල වන අවස්ථාවේ හදිසි අවස්ථාවකදී ක්රියාත්මක කළ හැකි ආරක්ෂක සැලසුමක් නොතිබූ බව දැන් හෙළි වී ඇත. මෙයට පෙර එවැනි සැලසුමක් තිබුණත් එය අහෝසි කර තිබුණා. විදේශ ත්රස්ත ප්රහාරයක් එල්ල වුවත් ඊට මුහුණ දීමට නොහැකි තත්ත්වයක රට පැවති බව මින් තහවුරු වී ඇත.
මෙම ත්රස්ත ප්රහාරය එල්ල වීමෙන් පසු සැකකරුවන් අල්ලා ගැනීමට හෝ විමර්ශන කටයුතුවලට විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගෙන නැත. මේ අතර කඳවුරුවල අන්තවාදීන් දහසක් පුහුණුව ලබා ඇතිමුත් මේ පිරිස මෙතෙක්a අත්අඩංගුවට ගෙන නැත.