Divaina - දූවිලි වලාකුළු ගැන බය වෙන්න එපා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


  සුජීව තත්සර
 
 කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි වලාකුළු තත්ත්වය එළැඹෙන 13 වැනිදා වන විට යම් වැඩිවීමක්‌ පෙන්නුම් කළත් එය බිය විය යුතු තත්ත්වයක්‌ ලෙස වර්ධනය නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.
 
 මේ වන විට පවතින දූවිලි වලාකුළු තත්ත්වය පහව යමින් පවතින බවද ඊයේ (08දා) ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග මහතා සඳහන් කළේය.
 
 එළැඹෙන 13 වැනිදා වන විට වායුගෝලයේ පවතින දූවිලි වලාකුළු තත්ත්වය නැවත සුළු වශයෙන් ඉහළ යා හැකි බව පුරෝකථනය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඇති නිසා ලබාදී ඇති උපදෙස්‌ අනුගමනය කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
 පවතින තත්ත්වය හමුවේ බිය විය යුතු නැති බවත් මෙයට මුහුණ දීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය විසින් නිරතුරුව කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
 ඉන්දියාවේ දිල්ලි නගරයේ පවතින වායු දූෂණය හේතුවෙන් කොළඹ නගරයට ඉහළ අහසේ අදාළ දූවිලි වලාකුළු තත්ත්වය ඇති වුයේ මීට දින කිහිපයකට පෙරය.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles