Divaina - ඇවන්ගාඩ් සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප වේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ඒ. ඡේ. ඒ. අබේනායක
 
 නීති විරෝධී අන්දමින් එම්. වී. ඇවන්ගාඩ් නමැති නෞකාවේ ස්‌වංක්‍රීය ගිනි අවි හා ජීව පතුරම් උණ්‌ඩ සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා 7573 ක්‌ යටතේ පවරා ඇති නඩුවේ 7 වන විත්තිකාර ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (08 දා) ප්‍රතික්‍ෂේප කළේය.
 
 එම නඩුව ලබන දෙසැම්බර් 3 වැනිදා දක්‌වා කල් තැබීමට ද එහිදී නියම කළ ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ හා මංජුල තිලකරත්න යන විනිසුරු මඬුල්ල විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා එදින යළි අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද නියෝග කළහ. තම අධිකරණය විසින් එම විත්තිකරු නඩුව අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් පසුගිය 17 වැනිදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවයක්‌ විත්තිය කළ කරුණු අනුව මතුවී නොමැති බව පැවසූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.
 
 එමෙන්ම එම නඩුවේ තුන්වන විත්තිකාර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ලබන 31 වැනිදා සිට 11 වැනිදා දක්‌වා නේපාලයේ කත්මණ්‌ඩු නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට අවසර ලබාදෙන ලෙසත් 10 වන විත්තිකාර යුක්‌රේන් ජාතික එන්. වී. ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ විත්තිකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යුක්‌රේනයට යාමට අවසර ලබාදෙන ලෙසත් කළ ඉල්ලීම ද විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.
 
 එම විත්තිකරුගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඔහු බන්ධනාගාර රෝහලේ සිට දිනපතා කොළඹ ජාතික රෝහලට රැගෙන යැම සිදුකරනා බවත් පිටකොන්දේ ආබාධ තත්ත්වයක්‌ පවතින ඔහු එලෙස දිනපතා රැගෙන යැමෙන් රෝගී තත්ත්වය වැඩිවීමේ අවධානම පවතින බවත් කියමින් එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා එම ඇප ඉල්ලීම කළේය.
 
 එම විත්තිකරු වෙනුවෙන් පසුගිය 17 වැනිදා කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් විනිසුරු මඬුල්ල විසින් නියෝගයක්‌ නිකුත් කොට තිබියදී පුරා පැයකට අධික කාලයක්‌ ගතකරමින් යළි යළිත් කරුණු දක්‌වමින් ඇප ඉල්ලීම අධිකරණයේ කාලය නිකරුණේ විනාශ කිරීමක්‌ බවත් විනිසුරු මඬුල්ලේ එකී තීරණයට එරෙහිව විත්තිය එකඟ නොවන්නේ නම් කළ යුතුව තිබුණේ ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණය හමුවේ කරුණු දැක්‌වීම බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එහිදී පැවසීය.
 
 විනිසුරු මඬුල්ල විසින් පසුගිය 17 වැනිදා එම විත්තිකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් කළ නියෝගය අවසන් නියෝගයක්‌ වන බව නීතිපතිවරයාගේ මතය වන්නේ යෑයි ද එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිය විසින් පිටු 529 ක මෝසමක්‌ ඉදිරිපත් කර එකී ඇප ඉල්ලීම කර ඇතත් පසුගිය 17 වැනිදා විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් විනිසුරු මඬුල්ල විසින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් එක කරුණක්‌ හෝ ඉදිරිපත් නොකිරීම බලවත් අඩුපාඩුවක්‌ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පැවසීය. මේ වන විට අධිකරණය සලකා බැලිය යුත්තේ එම නඩු කටයුත්තේ ඉදිරි පියවර ගැන බවද එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එකී මූලික අරමුණට පරිබාහිරව කරනා එකී ඉල්ලීම් ගැන තමන් දැඩි විරුද්ධත්වය දක්‌වන බවද කීවේය. පෙර දින එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඇප ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීමෙන් පසු අලුත් නීතිඥවරයකු ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් යළිත් ඇප ඉල්ලීමක්‌ කිරීම සුදුසු ක්‍රියාවක්‌ නොවන බවත් එලෙස නීතිඥවරුන් වෙනස්‌ වන විට කල්බදු ක්‍රමයට ඇප නියෝග නිකුත් කිරීමේ හැකියාවක්‌ නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණය හමුවේ පැවසීය. එකී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට තමන් කළ ඇප ඉල්ලීම සලකා බැලීමක්‌ නොකරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතියක්‌ නොමැති බව විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සඳහන් කළ අතර ඔහුගේ එකී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිපතිවරයාට පැමිණිලි කරනා ලෙසට ද විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. විත්තිකරු වෙනුවෙන් අලුත් නීතිඥවරයකු ඉදිරිපත් වී අලුත් ලේඛන ඉදිරිපත් කළ පමණින් යළිත් ඇප නියෝගයක්‌ නිකුත් කිරීමට හැකි දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමසීම ඇප පනත හරිහැටි නොදැන කළ ප්‍රකාශයක්‌ වන බවද ජනාධිපති නීතිඥවරයා එහිදී විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය. ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 7 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බලමින් නිකුත් කර ඇත්තේ මෙ සේවාදායකයා ඇතුළු එම නඩුවේ සැකකරුවන් ලෙස නම් කළ කිහිපදෙනකු විදේශගතවීමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගැනීමට පමණක්‌ වන බවත් එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විටදී අත්අඩංගුවට ගන්නා ලෙසට එකී නියෝගයේ සඳහන් වී ඇත්තේ යම්කිසි අතපසුවීමකින් බවද අධිකරණය හමුවේ කීවේය.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles